Related Posts Plugin for WordPress, Blogger...

Friday, 26 August 2016

How tall was Balangoda Man? | මධ්‍ය ශිලා යුගයේ විසූ අපගේ බලංගොඩ මීමුත්තාගේ උස දන්නවා? (අපිට වඩා ගොඩක් උසයි )


ලංකාවේ ශිලා යුග ගැන ලිපියක් ලිවීම සඳහා ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ පර්යේෂණ පත්‍රිකා කියවද්දී අපූරු තොරතුරක් හමුවුනා. ඒ තමයි අපේ බලංගොඩ මීමුත්තන්ගේ ශරීර ස්වභාවය. දැරණියගල පඬිතුමාගේ පර්යේෂණ දත්තවලට අනුව අපේ බලංගොඩ මීමුත්තාගේ පරපුර අපට වඩා ගොඩක් උසමහත, ගමේ භාශාවෙන් කියනවා නම් හයයි හතරේ මිනිස්සු.

2012 වසරේදී Ranasinghe, Priyanga; Jayawardana, M.A. Naveen A.A.D.; Constantine, Godwin R.; Sheriff, M.H. Rezvi; Matthews, David R.; Katulanda, Prasad යන පර්යේෂකයින් Economics and Human Biology පර්යේෂණ සඟරාවට ඉදිරිපත්කල Patterns and correlates of adult height in Sri Lanka නම් පර්යේෂණ පත්‍රිකාවේ ශ්‍රී ලාංකික පිරිමියෙකුගේ සාමාන්‍ය උස (2005 වසරේ ලබාගත් දත්ත අනුව) සෙන්ටිමීටර් 165.6 කුත් කාන්තාවකගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර් 154ක් බව පෙන්වාදී තිබෙනවා.

ආචාර්ය සිරාන් දැරණියගල 1992දී බලංගොඩ මානවයාගේ අස්ථි සම්බන්ධව සිදුකල ගණනය කිරීම් වලදී පුරුෂ බලංගොඩ මානවයෙකුගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර් 174ක් බවත් ස්ත්‍රියකගේ උස සෙන්ටිමීටර් 166ක් බවත් පෙනීගොස් තිබෙනවා. මේ අනුව බලංගොඩ මානවයින් අද ලාංකිකයෙකු හා සසඳන විට සෙන්ටිමීටර් 9ක් වැනි විශාල පරාසයකින් උසින් වැඩි උත්තුංග දේහධාරී ශක්තිමත් මිනිසුන් පිරිසක් වූ බව පැහැදිලියි.

ඝණ ඇහිබැම, පුළුල් නාසය, විශාල දත් හා ශක්තිමත් හකුපාඩා යන ලක්ශණවලින් යුතුවුනු බලංගොඩ මුත්තාගේ පරපුරේ අස්ථිද බරින් වැඩි, ඉතා ශක්තිමත් ඒවා බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වනවා. ඔවුන් ජීවත්වූ පරිසරය (biotic environment) පෝෂ්‍යදායි ආහාර සුළභවූ, උණුසුමෙන් අඩු, සුවදායි පරිසරයක් වීම මෙයට එක් හේතුවක් විය හැකියි. ශක්තිමත් සිරුරක් ඇවසිවූ රළු දඩයක්කාර දිවිපෙවෙත තවත් හේතුවක් වන්නට පුලුවන්.

කොහොම වුනත් අපි මතක තියාගන්න ඕනෑ බලංගොඩ මානවයා කියන්නේ වානරයාට වඩා සමානවුනු, පරිණාමය නොවූ, වඳුරුපෙනුමක් ඇති මිනිසෙකු නොව, නූතන, බුද්ධිමත් හෝමෝ සැපියන් මානවයෙකු බවයි. බලංගොඩ මානවයා පිලිඹිඹු කෙරෙන රූපසටහන් බොහොමයක ඔහුව නියැන්ඩර්තාල් ගණයේ මානවයෙකු ලෙස හෝ ඊටත් පැරණි අර්ධ මානවයෙකු ලෙස පෙන්නවනවා. මෙය ඉතාමත් වැරදි දැක්මක්.

බලංගොඩ මානවයා පූර්ණලෙස පරිණාමය වූ හෝමෝ සැපියන් මානවයෙක් 

පහත රූපය බලන්න. මෙහි බලංගොඩ මානවයා ලෙස පෙන්වා ඇත්තේ හෝමෝ ඉරෙක්ටස් මානවයාටත් වඩා පැරණි හෝමෝ හැබිලිස් වැනි අර්ධ මානවයෙක්. අවාසනාවකට මෙම රූපසටහන තිබෙන වෙබ් අඩවිය "කැළණිය විශ්වවිද්‍යාලය" අනුබද්ධ ආයතනයක් බව එහි පැවසෙනවා.



මූලාශ්‍ර

Deraniyagala, S. U. (1996), Pre and Protohistoric Settlement in Sri Lanka, In XIII International Congress of Prehistoric and Protohistoric Sciences – Forli -Italia, September 1996 – vol.5/by. International Union of Prehistoric and Protohistoric Sciences (277-285)

List of average human height worldwide
https://en.wikipedia.org/wiki/List_of_average_human_height_worldwide#cite_note-srilanka-119
__________________________________________________________________________


Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Thursday, 25 August 2016

Bird life in Peak Wilderness Sanctuary | සමනල අඩවිය රක්ෂිත වනාන්තරයේ දැකිය හැකි කුරුල්ලන්



සමනල අඩවිය රක්ෂිත ප්‍රදේශය එකිනෙකට යාව පිහිටි වනාන්තර කොටස් හතරකින් සමන්විත වේ. ඒවා නම්;
  1. සමනල අඩවි ස්වභාවික රක්ෂිතය,
  2. ශ්‍රී පාද සංරක්ෂණ වනාන්තරය,
  3. මොරහෙල සංරක්ෂණ වනාන්තරය
  4. වලවේ නිම්න සංරක්ෂණ වනාන්තරය
ලෙස නම්කොට ඇති, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්ෂිත වනාන්තරයි. 1940 වසරේදී අභයභූමියක්‌ බවට පත් කළ ශ්‍රීපාද අඩවිය, සංරක්‍ෂණය කිරීමේ අවශ්‍යතාව මත 2007 වසරේදී එහි හෙක්‌ටයාර් 12979 ක්‌ ස්‌වභාව රක්‍ෂිතයක්‌ බවට පත් කළ අතර, ශ්‍රීපාද පද්මය, එහි ළඟා විය හැකි මාර්ග පද්ධතිය යනාදිය ඇතුළත්ව තවත් හෙක්‌ටයාර් 9400 ක්‌ අභයභූමිය ලෙසම පවතී. ශ්‍රී ලංකාවේ උසින් හතරවැනි ස්‌ථානයේ ලා ගැනෙන (උස මීටර් 2243) සමනල කඳු මුදුන මීට අයත්වන අතර (ශ්‍රීපාද පද්මය), ශ්‍රීපාද අඩවිය රත්නපුර, නුවරඑළිය හා කෑගල්ල දිස්‌ත්‍රික්‌ තුනට අයත්වේ.

යුනෙස්‌කෝ සංවිධානයේ විශේෂ කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණ දුම්බර, හෝර්ටන්තැන්න හා ශ්‍රීපාද අඩවිය අධ්‍යයනයට ලක්‌කර තම නිර්දේශය යුනෙස්‌කෝ සංවිධානය වෙත ලබාදී තිබූ අතර 2010 ජූලි මාසයේදී ලෝක උරුම වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කරන ලද්දේ ශ්‍රීපාද අඩවිය, හෝර්ටන්තැන්න, නකල්ස්‌ හෙවත් දුම්බර වනාන්තරයයි. බ්‍රසීලයේදී පැවැති යුනෙස්‌කෝ සමුළුවේදී මෙම වනාන්තර ලෝක උරුමයන් බවට ප්‍රකාශයට පත් කෙරුණු අතර, මෙතෙක්‌ පැවැති ලෝක උරුම වනාන්තරය වන "සිංහරාජය" ද සමග මෙසේ අප රටේ ලෝක උරුම වනාන්තර හතරක්‌ ප්‍රකාශයට පත්වීම රටේ ශ්‍රී ලංකාවේ අපූර්ව ජෛව විවිධත්වය ලෝක අවධානයට පත්වූ තවත් අවස්ථාවකි.

ගමන් මාර්ග

පක්ෂීන් නැරඹීම සඳහා වන්දනාකරුවන් සිරිපා පතුලවෙත යන විවිධ මාර්ග යොදාගත හැකිය.

  1. සිරිපා ගම පුරාණ විහාරය අසලින් ඇරඹෙන පල්ලබැද්දල සිරිපා මාර්ගය
  2. කුරුවිට, එරත්න සිට ඇරඹෙන සිරිපා වන්දනා මාර්ගය
  3. නල්ලතන්නියේ සිට ඇරඹෙන සිරිපා වන්දනා මාර්ගය 

මීට අමතරව තවත් මංපෙත් තිබිය හැකිය.

සිරිපා රක්ෂිත වනාන්තර ප්‍රදේශවල පක්ෂීන් නැරඹීම

පක්ෂීන් නැරඹීම සඳහා සිරිපා අඩවියට පැමිණීමේදී සිරිපා කරුණාකිරීමේ වාරය මගහැරීමට හැකිනම් වඩාත් හොඳ වන්නේ අධික ජනගහනය, ඝෝෂාව, වාහන ආදිය නිසා පක්ෂීන් වනාන්තරය ඇතුලට වී සිටීම නිසායි.

එමෙන්ම වාරයේ මෙන් නොව අවාරයේ සිරිපාදේ මිනිස් පුළුටක් නොමැති නිසා මුළු ප්‍රදේශයේම ඇත්තේ දැඩි පිරිසුදු බවක්. ශ්‍රීපාදය හා අවට පරිසරය තුළින් පෙන්නුම් කෙරෙන චමත්කාරය ශ්‍රී ලංකාවේ වෙනත් ස්ථානයකින් දැක ගැනීමට නොහැකිය.

අවාරය කාලය තුළ පිපෙන මල් වර්ග, දලුලන වැල් වර්ග, ගස් වර්ග සංඛ්‍යාව සහ එහි විචිත්‍රවත් බව වචනයෙන් විස්තර කිරීමට අපහසුය. එම ගස් වර්ග, මල් වර්ග, පැළෑටි වර්ග, වැල් වර්ග දකින්න ලැබෙන්නේ අවාරයටම පමණක් වීම එහි තිබෙන විශේෂත්වයයි. සමහර මල් වර්ග, පැළෑටි වර්ග ඉතා දුර්ලභ වන අතර ඇතැම් උද්භිද විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලෝකයෙන්ම එම මල් වර්ග, පැළෑටි වර්ග තිබෙන එකම ස්ථානය වන්නේ ශ්‍රීපාද අඩවිය බවයි.

සිරිපා අඩවියේ දැකිය හැකි කුරුළු වර්ග

Ceylon Bird Club සමාජයේ වෙබ් අඩවියට අනුව සිරිපා අඩවියේ පහල ප්‍රදේශවල හා ඉහල ප්‍රදේශවල පක්ෂීන් ගණනාවක් දැකිය හැකිය.


සිරිපා රක්ෂිත වනාන්තර පහල ප්‍රදේශවල දැකිය හැකි පක්ෂීන්


Ceylon Blue Magpie - ශ්‍රී ලංකා කැහිබෙල්ලා (Urocissa ornata)  ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂියෙකි.

Image (C) Oriental Bird Club

Ceylon Rufus Babbler / Sri Lanka Orange-billed Babbler රතු දෙමලිච්චා (Turdoides rufescens)

Image (C) Oriental Bird Club

Ashy Headed Laughing Thrush අළු-දෙමලිච්චා (Garrulax cinereifrons)

Image (C) Adventure Birding Sri Lanka

Layard’s Parakeet අළු ගිරවා (Psittacula calthropae)

Image (C) Sheau Torng Lim via Flickr.com

Ceylon Green Pigeon /  Pompadour green pigeon පිට රතු බටගොයා / පොම්පදෝරු බටගොයා (Treron pompadora)

Image (C) Chamith Chandrasekara via charlirox-slbirds.blogspot.com/

Black Eagle කළුකුස්සා (Ictinaetus malayensis)

Image (C) si.wikipedia.org

Mountain Hawk Eagle  හෙල් කොණ්ඩකුස්සා (Spizaetus nipalensis)

Image (C) Pathmanaath Samaraweera via www.orientalbirdimages.org

Ceylon Grey Hornbill ශ්‍රී ලංකා අළු කෑදැත්තා (Ocyceros gingalensis )

Image (C) Loïc Epelboin via www.oiseaux.net

Ceylon Crested Drongo   (Dicrurus lophorhinus)

Ceylon Crested Drongo (Sri Lanka Endemic). Sinharaja Rainforest, Sri Lanka (1 Jan 2012)
Image (C) Vinchel Budihardjo via Flickr.com


Ceylon Trogon / Malabar Trogon මහ ගිනි-කුරුල්ලා / ලෝහවන්නිච්චා (Harpactes fasciatus)


Image (C) Kithsiri Gunawardene via www.images.ceylonbirdclub.org

Scarlet Minivet / Flame Minivet / Orange Minivet දිලිරත් මිණිවිත්තා (Pericrocotus flammeus)

Image (C) Subhasis Roy via www.orientalbirdimages.org

Green-billed Coucal බට ඇටි-කුකුළා (Centropus chlororhynchus)

Note : සාමාන්‍ය ඇටිකුකුළාගේ හොටය කළු පැහැවන අතර, බට ඇටිකුකුළාගේ හොටය කහපාටට හුරු ලා කොළ පැහැයක් හෝ අඳුරු සුදුපැහැයක් ගනී.

Image (C) Athula Edirisinghe via The Internet Bird Collection

Ceylon Jungle Fowl වලි-කුකුළා (Gallus lafayettii)

Image (C) www.heatherlea.co.uk/birdwatching-holidays-new-sri-lanka

Ceylon Spurfowl හබන් කුකුළා (Galloperdix bicalcarata)

Image (C) Mapalagama K Premasiri via http://orientalbirdimages.org/

සිරිපා රක්ෂිත වනාන්තර උසින් වැඩි ප්‍රදේශවල දැකිය හැකි පක්ෂීන්


Ceylon Whistling Thrush / Ceylon Arrenga අරංගයා (Myophonus blighi) 

Image (C) Kithsiri Gunewardhena via www.ceylonbirdclub.org

Yellow-eared Bul Bul කහකන් කොණ්ඩයා (Pycnonotus penicillatus)

Image (C) Ayanthi Samarajeewa via www.images.ceylonbirdclub.org

Ceylon Hill White Eye / Sri Lanka White Eye සිතැසියා (Zosterops ceylonensis)

Image (C) Chamith Chandrasekara via charlirox-slbirds.blogspot.com

Grey-headed Canary Flycatcher අළුහිස් කහ-මැසිමාරා (Culicicapa ceylonensis)

Image (C) http://feathersofsrilanka.lk/

Dusky Blue Flycatcher / Dull Blue Flycatcher නීලන්-මැසිමාරා (Eumyias sordida)

Image (C) Pathmanath Samaraweera via http://animalia-life.com/

Ceylon Wood Pigeon මයිල පරවියා (Columba torringtoni)

Image (C) Fran Trabolon via Arkive.org

Scaly Thrush කායුරු තිරාසිකයා (Zoothera dauma)

Image (C) Gary Kinard via Flickr.com
Sources:

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව - ලෝක උරුම වන භූමි

CEYLON BIRD CLUB - BIRD WATCHING SITES

ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය

Rathnapura Palabaddale Trail to Sripada (Adam’s peak)

Kuruwita Erathna Trail to Sri Pada (Adam's Peak)

Ratnapura Palabathgala Trail to Sripada (Adam's peak)

Hatton, Nallathanni trail to Sri Pada (Adam's Peak)

Deraniyagala, Udamaliboda (Ihala-Maliboda) Trail to Sri Pada (Adam's Peak)

__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Wednesday, 24 August 2016

පෘථිවිය 2.0 සොයාගැනේ? | Earth 2.0 found?

පෘථිවියේ නිවුන් සොයුරිය යැයි විද්‍යාඥයින් පවසන ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව වටා ගමන් කරන ග්‍රහලෝකය සිත්තර ඇසින්



























නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ නිරීක්ශණ යානයෙන් ගන්නා ලද ඡායාරූප හා දත්ත ආධාරයෙන්, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට අයත් දකුණු යුරෝපීය අභ්‍යවකාශ නිරීක්ශණ ආයතනය (Southern European Observatory) මගින්, පෘථිවියට ආසන්නයේම ඇති ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව වටා බ්‍රමණය වන පෘථිවියට ඉතාම සමාන ග්‍රහලෝකයක් සොයාගෙන ඇත.

මෙම ග්‍රහලෝකය, ප්‍රොක්සිමා සෙන්ටෝරි වටා ගමන් කරන කක්ෂය, ග්‍රහලෝකය මත ද්‍රව ජලය හටගැනීමට තුඩුදෙන පරාසයේ පවතින බව විද්‍යාඥයින් පවසනවා. "ගෝල්ඩිලොක්ස් zone" ලෙස හඳුන්වන මෙම පරාසයට වඩා ඇතුලත කක්ශයක ග්‍රහයා ගමන් කරන්නේනම්, තාරකාවට ආසන්නවීම නිසා දැඩි උණුසුමෙන් ද්‍රව ජලය හටගන්න්නේ නෑ. ඈතින් පිහිටියහොත්, ශීතල අයිස් ග්‍රහලෝකයක් වනවා.

මෙම ග්‍රහලෝකය අයත් ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව 1915දී පෘථිවියට ලඟින්ම ඇති තාරකාව ලෙස හඳුනාගන්නා ලද අතර එය ආලෝක වර්ශ 4.2ක් ඈතින් පවතින බවට ගණන්බලා තිබෙනවා.


කෙප්ලර් අභ්‍යවකාශ නිරීක්ශණ යානය විසින් මීට පෙරද ගෝල්ඩිලොක්ස් පරාසයේ ඇති ග්‍රහලෝක සොයාගෙන ඇති නමුත් පෘථිවියට ලඟින්ම ඇති තාරකාවේ මෙවන් ග්‍රහලෝකයක් ඇති බව සොයාගත් පලමු අවස්ථාවයි. අනාගතයේ වෙනත් සූර්යයෙකු වෙත් ගවේෂණ යානයක් යවන්නේ නම්, එය යැවීමට සුදුසුම තාරකාව බවට ප්‍රොක්සිමා සෙන්ටෝරි පත්ව තිබෙනවා. 

අද දිනයේ (අගෝස්තු 24) යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මගින් පැවැත්වීමට නියමිත ප්‍රවෘත්ති සාකඡ්ඡාවකදී මෙම ග්‍රහලෝකය පිලිබඳ විස්තර නිළවශයෙන් ප්‍රකාශ කෙරෙනු ඇති.

http://www.dailymail.co.uk/sciencetech/article-3754523/A-second-Earth-revealed-tomorrow-Habitable-planet-orbiting-sun-s-neighbour-host-alien-life.html

__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...