Bird life in Peak Wilderness Sanctuary | සමනල අඩවිය රක්ෂිත වනාන්තරයේ දැකිය හැකි කුරුල්ලන්



සමනල අඩවිය රක්ෂිත ප්‍රදේශය එකිනෙකට යාව පිහිටි වනාන්තර කොටස් හතරකින් සමන්විත වේ. ඒවා නම්;
  1. සමනල අඩවි ස්වභාවික රක්ෂිතය,
  2. ශ්‍රී පාද සංරක්ෂණ වනාන්තරය,
  3. මොරහෙල සංරක්ෂණ වනාන්තරය
  4. වලවේ නිම්න සංරක්ෂණ වනාන්තරය
ලෙස නම්කොට ඇති, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්ෂිත වනාන්තරයි. 1940 වසරේදී අභයභූමියක්‌ බවට පත් කළ ශ්‍රීපාද අඩවිය, සංරක්‍ෂණය කිරීමේ අවශ්‍යතාව මත 2007 වසරේදී එහි හෙක්‌ටයාර් 12979 ක්‌ ස්‌වභාව රක්‍ෂිතයක්‌ බවට පත් කළ අතර, ශ්‍රීපාද පද්මය, එහි ළඟා විය හැකි මාර්ග පද්ධතිය යනාදිය ඇතුළත්ව තවත් හෙක්‌ටයාර් 9400 ක්‌ අභයභූමිය ලෙසම පවතී. ශ්‍රී ලංකාවේ උසින් හතරවැනි ස්‌ථානයේ ලා ගැනෙන (උස මීටර් 2243) සමනල කඳු මුදුන මීට අයත්වන අතර (ශ්‍රීපාද පද්මය), ශ්‍රීපාද අඩවිය රත්නපුර, නුවරඑළිය හා කෑගල්ල දිස්‌ත්‍රික්‌ තුනට අයත්වේ.

යුනෙස්‌කෝ සංවිධානයේ විශේෂ කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණ දුම්බර, හෝර්ටන්තැන්න හා ශ්‍රීපාද අඩවිය අධ්‍යයනයට ලක්‌කර තම නිර්දේශය යුනෙස්‌කෝ සංවිධානය වෙත ලබාදී තිබූ අතර 2010 ජූලි මාසයේදී ලෝක උරුම වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කරන ලද්දේ ශ්‍රීපාද අඩවිය, හෝර්ටන්තැන්න, නකල්ස්‌ හෙවත් දුම්බර වනාන්තරයයි. බ්‍රසීලයේදී පැවැති යුනෙස්‌කෝ සමුළුවේදී මෙම වනාන්තර ලෝක උරුමයන් බවට ප්‍රකාශයට පත් කෙරුණු අතර, මෙතෙක්‌ පැවැති ලෝක උරුම වනාන්තරය වන "සිංහරාජය" ද සමග මෙසේ අප රටේ ලෝක උරුම වනාන්තර හතරක්‌ ප්‍රකාශයට පත්වීම රටේ ශ්‍රී ලංකාවේ අපූර්ව ජෛව විවිධත්වය ලෝක අවධානයට පත්වූ තවත් අවස්ථාවකි.

ගමන් මාර්ග

පක්ෂීන් නැරඹීම සඳහා වන්දනාකරුවන් සිරිපා පතුලවෙත යන විවිධ මාර්ග යොදාගත හැකිය.

  1. සිරිපා ගම පුරාණ විහාරය අසලින් ඇරඹෙන පල්ලබැද්දල සිරිපා මාර්ගය
  2. කුරුවිට, එරත්න සිට ඇරඹෙන සිරිපා වන්දනා මාර්ගය
  3. නල්ලතන්නියේ සිට ඇරඹෙන සිරිපා වන්දනා මාර්ගය 

මීට අමතරව තවත් මංපෙත් තිබිය හැකිය.

සිරිපා රක්ෂිත වනාන්තර ප්‍රදේශවල පක්ෂීන් නැරඹීම

පක්ෂීන් නැරඹීම සඳහා සිරිපා අඩවියට පැමිණීමේදී සිරිපා කරුණාකිරීමේ වාරය මගහැරීමට හැකිනම් වඩාත් හොඳ වන්නේ අධික ජනගහනය, ඝෝෂාව, වාහන ආදිය නිසා පක්ෂීන් වනාන්තරය ඇතුලට වී සිටීම නිසායි.

එමෙන්ම වාරයේ මෙන් නොව අවාරයේ සිරිපාදේ මිනිස් පුළුටක් නොමැති නිසා මුළු ප්‍රදේශයේම ඇත්තේ දැඩි පිරිසුදු බවක්. ශ්‍රීපාදය හා අවට පරිසරය තුළින් පෙන්නුම් කෙරෙන චමත්කාරය ශ්‍රී ලංකාවේ වෙනත් ස්ථානයකින් දැක ගැනීමට නොහැකිය.

අවාරය කාලය තුළ පිපෙන මල් වර්ග, දලුලන වැල් වර්ග, ගස් වර්ග සංඛ්‍යාව සහ එහි විචිත්‍රවත් බව වචනයෙන් විස්තර කිරීමට අපහසුය. එම ගස් වර්ග, මල් වර්ග, පැළෑටි වර්ග, වැල් වර්ග දකින්න ලැබෙන්නේ අවාරයටම පමණක් වීම එහි තිබෙන විශේෂත්වයයි. සමහර මල් වර්ග, පැළෑටි වර්ග ඉතා දුර්ලභ වන අතර ඇතැම් උද්භිද විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලෝකයෙන්ම එම මල් වර්ග, පැළෑටි වර්ග තිබෙන එකම ස්ථානය වන්නේ ශ්‍රීපාද අඩවිය බවයි.

සිරිපා අඩවියේ දැකිය හැකි කුරුළු වර්ග

Ceylon Bird Club සමාජයේ වෙබ් අඩවියට අනුව සිරිපා අඩවියේ පහල ප්‍රදේශවල හා ඉහල ප්‍රදේශවල පක්ෂීන් ගණනාවක් දැකිය හැකිය.


සිරිපා රක්ෂිත වනාන්තර පහල ප්‍රදේශවල දැකිය හැකි පක්ෂීන්


Ceylon Blue Magpie - ශ්‍රී ලංකා කැහිබෙල්ලා (Urocissa ornata)  ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂියෙකි.

Image (C) Oriental Bird Club

Ceylon Rufus Babbler / Sri Lanka Orange-billed Babbler රතු දෙමලිච්චා (Turdoides rufescens)

Image (C) Oriental Bird Club

Ashy Headed Laughing Thrush අළු-දෙමලිච්චා (Garrulax cinereifrons)

Image (C) Adventure Birding Sri Lanka

Layard’s Parakeet අළු ගිරවා (Psittacula calthropae)

Image (C) Sheau Torng Lim via Flickr.com

Ceylon Green Pigeon /  Pompadour green pigeon පිට රතු බටගොයා / පොම්පදෝරු බටගොයා (Treron pompadora)

Image (C) Chamith Chandrasekara via charlirox-slbirds.blogspot.com/

Black Eagle කළුකුස්සා (Ictinaetus malayensis)

Image (C) si.wikipedia.org

Mountain Hawk Eagle  හෙල් කොණ්ඩකුස්සා (Spizaetus nipalensis)

Image (C) Pathmanaath Samaraweera via www.orientalbirdimages.org

Ceylon Grey Hornbill ශ්‍රී ලංකා අළු කෑදැත්තා (Ocyceros gingalensis )

Image (C) Loïc Epelboin via www.oiseaux.net

Ceylon Crested Drongo   (Dicrurus lophorhinus)

Ceylon Crested Drongo (Sri Lanka Endemic). Sinharaja Rainforest, Sri Lanka (1 Jan 2012)
Image (C) Vinchel Budihardjo via Flickr.com


Ceylon Trogon / Malabar Trogon මහ ගිනි-කුරුල්ලා / ලෝහවන්නිච්චා (Harpactes fasciatus)


Image (C) Kithsiri Gunawardene via www.images.ceylonbirdclub.org

Scarlet Minivet / Flame Minivet / Orange Minivet දිලිරත් මිණිවිත්තා (Pericrocotus flammeus)

Image (C) Subhasis Roy via www.orientalbirdimages.org

Green-billed Coucal බට ඇටි-කුකුළා (Centropus chlororhynchus)

Note : සාමාන්‍ය ඇටිකුකුළාගේ හොටය කළු පැහැවන අතර, බට ඇටිකුකුළාගේ හොටය කහපාටට හුරු ලා කොළ පැහැයක් හෝ අඳුරු සුදුපැහැයක් ගනී.

Image (C) Athula Edirisinghe via The Internet Bird Collection

Ceylon Jungle Fowl වලි-කුකුළා (Gallus lafayettii)

Image (C) www.heatherlea.co.uk/birdwatching-holidays-new-sri-lanka

Ceylon Spurfowl හබන් කුකුළා (Galloperdix bicalcarata)

Image (C) Mapalagama K Premasiri via http://orientalbirdimages.org/

සිරිපා රක්ෂිත වනාන්තර උසින් වැඩි ප්‍රදේශවල දැකිය හැකි පක්ෂීන්


Ceylon Whistling Thrush / Ceylon Arrenga අරංගයා (Myophonus blighi) 

Image (C) Kithsiri Gunewardhena via www.ceylonbirdclub.org

Yellow-eared Bul Bul කහකන් කොණ්ඩයා (Pycnonotus penicillatus)

Image (C) Ayanthi Samarajeewa via www.images.ceylonbirdclub.org

Ceylon Hill White Eye / Sri Lanka White Eye සිතැසියා (Zosterops ceylonensis)

Image (C) Chamith Chandrasekara via charlirox-slbirds.blogspot.com

Grey-headed Canary Flycatcher අළුහිස් කහ-මැසිමාරා (Culicicapa ceylonensis)

Image (C) http://feathersofsrilanka.lk/

Dusky Blue Flycatcher / Dull Blue Flycatcher නීලන්-මැසිමාරා (Eumyias sordida)

Image (C) Pathmanath Samaraweera via http://animalia-life.com/

Ceylon Wood Pigeon මයිල පරවියා (Columba torringtoni)

Image (C) Fran Trabolon via Arkive.org

Scaly Thrush කායුරු තිරාසිකයා (Zoothera dauma)

Image (C) Gary Kinard via Flickr.com
Sources:

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව - ලෝක උරුම වන භූමි

CEYLON BIRD CLUB - BIRD WATCHING SITES

ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය

Rathnapura Palabaddale Trail to Sripada (Adam’s peak)

Kuruwita Erathna Trail to Sri Pada (Adam's Peak)

Ratnapura Palabathgala Trail to Sripada (Adam's peak)

Hatton, Nallathanni trail to Sri Pada (Adam's Peak)

Deraniyagala, Udamaliboda (Ihala-Maliboda) Trail to Sri Pada (Adam's Peak)

__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments