අයිෆෝන් 7 හොඳම වැඩකෑලි | Best of iPhone 7



එකක් වගේ වැඩකරන කැමරා දෙකක්!



මේ කැමරා දෙකක පද්ධතිය ලැබෙන්නේ අයිෆෝන් 7+ මාදිලිය මිලදී ගන්නා අයටයි. වයිඩ් ඈන්ගල් (විශාල වපරිසයක් හසුකරගත හැකි) කැමරාවකුත් දුර ඇතිදෑ ඡායාරූපගතකල හැකි ටෙලිෆොටෝ මාදිලියේ ලෙන්ස ඇති කැමරාවකුත් ලෙසින් මෙම පද්ධතිය සකස්කොට ඇත. 

කැමරා දෙකම මෙගාපික්සල් 12 විබේධනයෙන් ඡායාරූප ගන්න අතර භාවිතා කරන්නා තෝරාගන්නා සීරුමාරු අනුව මෙහෙයුම් පද්ධතිය මගින් ඡායාරූපය ගත යුත්තේ මොන කැමරාවෙන්දැයි තීරණය කරයි. 

එමෙන්ම අයිෆෝන් 7 කැමරාව මද ආලෝකයේ හොඳ ඡායාරූප ගැනීම සඳහා විශේෂ පහසුකම් ලබාදී ඇත. එමෙන්ම DSLR කැමරාවල ඇති පහසුකමක් වන F අගය අඩු කිරීමෙන් පසුබිම බොඳවූ (shallow depth of field) ඡායාරූප ලබාගැනීමේ හැකියාව ලබාදී ඇත. 

Water Proof iPhone 7


via GIPHY

ඇපල් සමාගමේ ප්‍රකාශයෙකුට අනුව අයිෆෝන් 7 ජලමුද්‍රා තබා ඇති අතර අඩි 3ක් පමණ ජලයේ විනාඩි කිහිපයක් ගිලී තිබුනත් ක්‍රියාකාරිත්වයට බාධාවක් නොවේ. කෙසේ වෙතත් ෆෝනය ඉක්මණින් ජලයෙන් ඉවතටගෙන පිසදාන ලෙස ඇපල් සමාගම අවවාද කරන අතර ජලයට වැටී පැය 5ක් යනතෙක් බැටරි ආරෝපණය (recharge) නොකරන ලෙසද අවවාද කරයි.

3.5mm හෙඩ්ෆෝන් ජැක් සිදුර නැති පලමු ස්මාර්ට් ෆෝනය

ඇපල් සමාගම අයිෆෝන් 7 ෆෝනයෙන් හෙඩ්ෆෝන් ජැක් එක ඉවත්කොට ඇත. ඒ අනුව සාමාන්‍ය හෙඩ්ෆෝන් ආධාරයෙන් සංගීතයට සවන්දීමට අයිෆෝන් 7 භාවිතා කරන්නන්ට නොහැකිය. ඒ වෙනුවට Lightning port නැමති කනෙක්ටරයට හෙඩ්ෆෝන් සවිකල හැකිය.මීට අමතරව "එයාර් පොඩ්" නැමති රැහැන් රහිත හෙඩ්ෆෝන් යුගලක්ද ලැබේ.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments