4 X 4 / OFFROAD : දිය ගොඩ සැමතැන සැරිසරන රුසියානු යෝධයා



රුසියාවේ නිෂ්පාදිත Wamah Avtoros Shaman 8×8 රථය දිය, ගොඩ, මහ කැලෑ, හා හිමෙන් වැසුනු තුන්ද්‍රා ආදී ඕනෑම තැනක සැරිසර හැකි යෝධ සියලු භූමි (all terrain vehicle) සංචාරක රථයකි.

රෝද අටක් ඇති, සෑම රෝදයක්ම එන්ජිමට සම්බන්ධ කොට ඇති මෙහි සෑම රෝදයකටම වෙන වෙනම සස්පෙන්ෂන් සවිකොට ඇත. 9 දෙදෙකුට සුව පහසුව ගමන්කල හැකි මෙම රථය දැනට තිබෙන සියලුම 4 X 4 ඕෆ් රෝඩ් රථවලට වඩා විශාලය. අඟල් 18ක ඇති මෙහි හැරවුම් අරය (turning radius) අඩි විසිපහකි.

අඩි 20ක් දිග අඩි 8ක් පලල මෙයට මීටර් 1.3 ගැඹුරු ජලයේ ගමන්කල හැකි අතර චැසිය ජල මුද්‍රාකොට ඇති නිසා ජලය කාන්දු නොවේ. එමෙන්ම කැමතිනම් වඩාත් ගැඹුරු ජලයේ බෝට්ටුවක් මෙන් පැද යාමට අවර පෙත්තක්ද (propeller) සවිකල හැකිය.

ලීටර් 3ක ධාරිතාවය ඇති, සිලින්ඩර් 4රේ, අශ්වබල 146ක අයිවෙකෝ (ඉතාලි නිෂ්පාදනයකි ) ටර්බෝ-ඩීසල්  එන්ජිමක් සහිත වන අතර ලීටර් 260ක ධාරිතාවය ඇති ඉන්ධන ටැංකිය නිසා වරක් ඉන්ධන පිරවූවිට කිලෝමීටර් 1000ක් ගමන්කල හැකිය.









__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments