ARTIFICIAL INTELLIGENCE : රොබෝ ට්‍රක් 73ක් වැඩට ගත් ලෝකෙ ලොකුම පතල් සමාගම



රියෝ ටින්ටෝ කියන්නේ ලෝකෙ ලොකුම බහුජාතික පතල් කර්මාණ්ත සමාගමක්. සේවකයින් 50,000ක් සේවය කරන, පසුගිය වසරේ ඩොලර් බිලියන 7ක් ආදායම් උපදවපු රියෝ ටින්ටෝ සමාගමේ ප්‍රධාන නිෂ්පාදන වන්නේ යකඩ, ඇලුමීනියම්, ටයිටේනියම්, තඹ, යුරේනියම්, ගල් අඟුරු හා දියමන්ති. 

රියෝ ටින්ටෝ මහා පරිමාණයෙන් පතල් හෑරීමේ නිරතවන අතර හැකිතාක් විශාල යන්ත්‍රසූත්‍ර යොදාගන්නේ මහා පරිමාණ ලෙස මෙහෙයුම් කිරීමෙන් නිෂ්පාදන පිරිවැය හැකිතාක් අඩුකොට තබා ගන්න.

රියෝ ටින්ටෝ සිය මහාපරිමාණ පතල්වලින් හාරන යපස්, ඒවා උණුකරන කර්මාණ්තශාලා වලට ගෙනියන්නේ එකවර ටොන් 416ක් ගෙනයා හැකි යෝධ කොමට්සු ට්‍රක් රථවලින්.  මෙතෙක් කල් මේ ට්‍රක් රථ ධාවනය කලේ මිනිස් රියැදුරන්. ඒත් දැන් රියෝ ටින්ටෝ සමාගම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව, කිසිදු මිනිස් විධානයකින් තොරව ධාවනය කල හැකි යෝධ ට්‍රක් 73ක් වැඩට යොදවලා. මිනිසුන් නැති නිසා මේවා පැය 24ම නොනවත්වා ධාවනය කරන්න පුලුවන් නිසා පැය 24ම නොකඩවා වැඩ.

රියෝ ටින්ටෝ සමාගමේ පලදායිතා කළමණාකරු කියන විධියට දැනටමත් මේ රොබෝ ට්‍රක් රථ නිසා ට්‍රක් රථ මෙහෙයුම් වියදම් 15% අඩුවෙලාලු. ඉදිරියේදී රියෝ ටින්ටෝ සමාගම සිය යපස් වරායවල් වලට ගෙනියන පෙට්ටි 100ක් විතර දිග කෝච්චිත් පූර්ණ ස්වයංධාවන කෝච්චි බවට හරවන්න සූදානම් වෙනවා.

ටොන් 416ක් ගෙනයන රියෝ ටින්ටෝ ට්‍රක් රථ




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments