ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ පෙරමුණ ගැනීමට සිංගප්පූරු රජයේ සැළසුම


පසුගිය මැයි 3වැනිදා, සිංගප්පුරුවේ ජාතික නවෝත්පාදන උළෙලේදී (Innovfest - Singapore) සිංගප්පූරුවේ තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය යාකොබ් ඉබ්‍රහීම් අලුත්ම ව්‍යාපෘතියක් දියත්කලා. ඒ වසර පහක් ඇතුලත සිංගප්පූරුව ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි තාක්ෂණ නිර්මාණ බිහිකරන රටක් බවට පත්කිරීමේ වැඩසටහනයි. ඇමරිකන් ඩොලර් මිලියන 100කට අධික මුදලක් මේ සඳහා වැයකිරීමට එරට රජය බලා පොරොත්තු වන අතර මිනිස් බුද්ධියට සමාන, මිනිස් ඉගැනීම් හැකියාවන්ට සමාන කෘත්‍රිම බුද්ධි මෘදුකාංග හා ආශ්‍රිත නිර්මාණ බිහිකිරීම මෙම වෑයමේ අරමුණ බව පැවසෙනවා.

AI.SG ලෙස නම් තබා ඇති මෙම ව්‍යාපෘතිය මගින් දැනට මිනිස් සමාජය මුහුණපා සිටින ප්‍රධාන ගැටලු, එනම් පරිසර දූෂණය අවම කිරීම, වේගයෙන් වියපත් වන සමාජයේ වියපත් පුද්ගලයින් රැකබලා ගැනීම හා ඔවුන් ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීම, දැඩි රථවාහන තදබදයට විසඳුම් සෙවීම ආදී සංකීර්ණ ගැටළු විසඳිය හැකි කෘත්‍රිම බුද්ධි මෘදුකාංග දියුණු කිරීමයි.




__________________________________________________________________________



Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments