BUSINESS STRATEGY : iPhone මේඩ් ඉන් ඉන්ඩියා - අයිෆෝන් ඉන්දියාවේ හදයි


ඇපල් අයිෆෝන් වල මිළ අඩුම මාදිලිය වන iPhone SE මාදිලිය දකුණු ඉන්දියාවේ බැන්ගලුරු නගරයේ කර්මාණ්ත්ශාලාවක එකලස් කිරීම ඇරඹූ බව ඇපල් සමාගම අද ප්‍රකාශ කලා. 

කොන්ත්‍රාත් පදනම මත ඇපල් භණ්ඩ එකලස් කරන තායිවානයේ Wistron Corp සමාගම මේ ඇපල් අයිෆෝන් SE කර්මාණ්තශාලාව පිහිටවූ බව ඇපල් සමාගම වැඩිදුරටත් පැවසූවා.

ලෝකය පුරාම ඇපල් අයිෆෝන් අලෙවිය අඩුවීමත්, චීනය තුල ඇපල් වෙනුවට චීන සමාගම් නිෂ්පාදනය කරන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන ජනප්‍රියවීමත් නිසා කෙසේ හෝ ඉන්දියානු වෙළඳපොලේ අය්ෆෝනයට ඉඩක් ලබාගැනීම මෙහි අරමුණ බව විචාරකයින් පවසනවා.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments