ELECTRIC CAR TECHNOLOGY : අලුත් Model Y මාදිලිය සමග S 3 X Y හෙවත් S E X ‍Y වන ටෙස්ලා

Model Y Concept Art


ටෙස්ලා සමාගමේ අලුත්ම රථ මාදිලිය Model ‍Y ලෙස හැඳින්වෙන බව සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක ඊලෝන් මස්ක් නොබෝදා තහවුරු කලා. මෙය crossover වර්ගයේ හෙවත් ජීප් හා කාර් අතර මුහුවක් ලෙස නිර්මාණය වන මාදිලියක්. 2019/2020 කාළයේදී වෙළඳපොලට නිකුත්වනු ඇතැයි විශ්වාස කරන Model Y සමග ටෙස්ලා සමාගම Models S 3 X Y ලෙස ඉලෙක්ට්‍රික් වාහන මාදිලි හතරක් ඉදිරිපත් කරනු ඇත.

මෝටර් රථ ලොවෙන් ලැබෙන වාර්තා අනුව ඊලෝන් මස්ක් හට ඔහුගේ දෙවන මාදිලිය මොඩල් ඊ ලෙස හැඳින්වීමට අවශ්‍යවී තිබෙන්නේ එවිට ටෙස්ලා මාදිලි 4 එක පෙලට තැබූවිට; 
s
Model S 
Model E 
Model X ‍
Model Y 
3
ලෙස "සෙක්සී" වචනය පෙනෙන ආකාරයට අකුරු ගැලපෙන නිසාය. කෙසේ වෙතත් Model E යන්න, ෆෝර්ඩ් මෝටර් සමාගම සතු ලියාපදිංචි වෙළඳ ලකුණක් නිසා ඒ වෙනුවට E අකුර අනෙක් පස හැරවූ විට මෙන් පෙනෙන මොඩල් 3 තෝරා ගෙන තිබෙනවා.

කොහොම වුනත් සෙක්සී කියන්නේ නරක වචනයක් නම් නෙමෙයි, සෙක්සී කියන්නේ සෘංගරාත්මක සුන්දරත්වය යන තේරුම දෙන වචනයක්


1) Model S


2012 වසරේදී හඳුන්වාදුන් S මාදිලිය, five-door, liftback වර්ගයට අයත් සුඛෝපබෝගී රථයකි. එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් පමණ ධාවනය කල හැකිය. කෙසේ වෙතත් මීට වඩා වැඩි දුරක් යාහැකි මොඩල් S මාදිලි ගණනාවක්ද වෙළඳපොලට ඉදිරිපත් කොට ඇත. ටෙස්ලා මොඩල් S නිෂ්පාදනය කැලිෆෝනියාවේ ෆ්‍රෙමොන්ට් නුවර හා නෙදර්ලන්තයේ (යුරෝපීය වෙළඳපොලට) සිදුවේ.

2) Model 3



2016 මාර්තුවේදී හඳුන්වාදුන් මොඩල් 3 මාදිලිය four-door compact luxury sedan වර්ගයට අයත් වන අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 340ක් පමණ ධාවනය කල හැකිය.

3) Model X



2015දී හඳුන්වාදුන් මොඩල් X, ජීප් රථ හෙවත් Sports Utility Vehicle (SUV) කාණ්ඩයට අයත් දොර 5, ආසන 7ක් ඇති රථයකි. පසුපස දොරවල් ඉහලට එසවෙන (ටෙස්ලා මෙම දොරවල් ලෙස හඳුන්වයි ) ආකාරයට තනා ඇති මෙම රථය එක් ආරෝපණයකින් කිලෝමීටර් 400ක් පමණ ගමන් කරයි. කැලිෆෝනියාවේ ෆ්‍රෙමන්ට් නුවර ටෙස්ලා කර්මාණ්තශාලාවේ නිශ්පාදනය කෙරේ.

4) Model Y

වැඩි විස්තර නොදනී.







__________________________________________________________________________


Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments