FUTURE OF WORK : ඔබ වැසිකිලියට යන වාර ගණන පවා ඔබගේ ප්‍රධානියාට දැනගත හැකි සේවක නිරීක්ෂණ තාක්ෂණ.






















මයික්‍රොසොෆ්ට් "Build 2017" සම්මන්ත්‍රණ හා වැඩමුළු මාලාව ඊයේ (මැයි 10) සියැටල් නුවරදී ආරම්භවූවා. පසුගිය සතියේ අවසන්වූ ෆේස්බුක් F8 සම්මන්ත්‍රණය වගේම මයික්‍රොසොෆ්ට් බිල්ඩ් සම්මන්ත්‍රණයත් ඉලක්ක වෙලා තියෙන්නේ Microsoft සමාගමත් සමග සම්බන්ධව ක්‍රියාත්මකවන ව්‍යාපාරික හවුල් කරුවන්, මෘදුකාංග ගා දෘඩාංග නිපදවන්නන් මෙන්ම ජනමාධ්‍ය හමුවේ තම සමාගමේ ඉදිරිසැළසුම්, නව නිර්මාණ හා තාක්ෂණයන් හඳුන්වාදීමයි.

RELATED : FACEBOOK F8
SMARTPHONES : ස්මාර්ට්ෆෝන් නැති ලොවක් තනන්නට සැරසෙන සකර්බර්ග්

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණය (Keynote Address) සිදුකලේ මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක සත්‍යා නඩෙල්ලා විසින්. මෙහිදී ඔහු මයික්‍රොසොෆ්ට් විසින් නිර්මාණය කරන ලද වැඩබිම් / කාර්යාල නිරීක්ෂණ හා අණතුරු ඇඟවීම තාක්ෂණයක් හඳුන්වාදුන්නා. එහිදී එම තාක්ෂණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරයද ආදර්ශණය කොට පෙන්වූවා.

ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩබිමක් පාදක කරගෙන මෙම තාක්ෂන අදර්ශණය (technology demonstration) සිදු කිරීමට සත්‍යා නඩෙල්ලා කටයුතු කලත්, එම තාක්ෂණය කාර්යාලයකට යොදාගැනීමේ කිසිදු බාධාවක් නෑ.

මෙහිදී සිදුවන්නේ වැඩබිම, මයික්‍රොසොෆ්ට් ක්ලවුඩ් සේවාවකට සම්බන්ධකල කැමරා ගණනාවකින් වැඩබිමේ සෑම තැනක්ම ආවරණය කිරීමයි. මෙම කැමරා, ක්වවුඩ් සර්වරයේ දිවෙන මයික්‍රොසොෆ්ට් කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකට වීඩියෝ ධාරා (video feeds) යවන අතර, එම මෘදුකාංගය මගින් වැඩබිමේ සිටින සියලුම දෙනා පමනක් නොව එහි ඇති සියලු යන්ත්‍රසූත්‍ර, ආම්පණ්න හඳුනාගන්නවා. එමෙන්ම වැඩබිමක් තුල සැරිසරන්නා එහි සිටීමට අවසර ඇති අයෙක්ද? නැතිනම් අනවසරයෙන් සැරිසරන්නෙක්ද යන්නත් මුහුණු හඳුනාගැනීමේ (facial recognition) තාක්ෂණයෙන් ඉතා පහසුවෙන් හඳුනාගෙන ආරක්ෂක අංශ වෙත දැනුම් දෙනවා.


එපමණක් නොව එම ආම්පන්න තබා ඇති ආකාරය හෝ භාවිතා කරන ආකාරය නිවැරදිද, ඒවා භාවිතා කරන්නා ආරක්ශණ උපදෙස් අනුගමනය කරනවාද, අනාරක්ශිත ලෙස ක්‍රියාත්මක කරනවාද, එම උපකරණ ක්‍රියාත්මක කරන්න ඒ සඳහා අවසර ඇති අයෙක්ද යනදී කරුණු ඒ මොහොතේම විශ්ලේෂණය කොට වැඩබිමේ සුපර්වයිසර්වරුන්ට හා ඉන්ජිනේරුවරුන්ට ඔවුන්ගේ ස්මාර්ට්ෆෝනයේ "alerts" හරහා ක්ෂණිකව ලබාදෙනවා.

Microsoft පවසන්නේ මෙම තාක්ෂණය මගින් වැඩබිම්වල ආරක්ෂාව තහවුරුවී අණතුරු අඩුකරගත හැකිවන අතර එමගින් රක්ෂණ වන්දි ඉල්ලීම් ආදියද බොහෝසේ අඩුකරගත හැකියි. සුපර්වයිසර්වරුන් අසල නොමැති විට අනාර්ක්ෂිත ලෙස ක්‍රියාකරන වැඩබිම් සේවකයින් නිසා ඔවුන්ගේ ජීවිත, වෙනත් අයගේ ජීවිත මෙන්ම වැඩබිමේ ආරක්ෂාවද නැතිවීම නිතර සිදුවන්නක් නිසා මෙම තාක්ෂණය එලිමහන් වැඩබිම් වැනි නිරතරයෙන් අණතුරු සිදුවිය හැකි ස්ථාන නිරීක්ෂණයට හා වැරදිකරන්නන් හඳුනා ගැනීමට ඉමහත් පිටුවහල වෙනවා නිසැකයි.

කොහොම වුනත් මෙම තාක්ෂණය ඕනෑම කාර්යාලයකට යොදාගැනීමට කිසිදු බාධාවක් නෑ. ඒ අනුව කාර්යාලයක සියලුම පෙදෙස් ආවරණය වන ලෙස කැමර සවිකල විට එම කැමරා මගින් සෑම සේවකයෙකුම හඳුනාගනු ඇති අතර, මොහොතින් මොහොත ඔවුන් සිදුකරන දෑ නිරීක්ෂණය කොට සටහන් තබාගනු ඇත. කොතරම් වාරයක් අසුනින් නැගිට යනවාද? යන්නේ කුමකටද? කොතෙක් වේලා අසුනින් නැද්ද? කොතරම් වාර ගණනක් තම ස්මාර්ට්ෆෝනයේ ගත කරනවාද? කී සැරයක් තේ බොන්නට නැගිටිනවාද? කොතරම් වාර ගණනක් අන් අය සමග කතාබහ කරමින් සිටිනවාද? ආදී කාර්යාල ප්‍රධානීන් නොදන්න බොහෝ කරුණු මේ මගින් ඔවුනට දැනගත හැකියි.

මේ අනුව අනාගත සේවාස්ථාන කිසිම නිදහසක් නැති, ගැල්බැඳි ගොනුන් මෙන් වැඩකරන්නට සිදුවන, කිසිදු පෞද්ගලිකත්වයක් නැති වහල් කඳවරු විය හැකි නොවේද?

RELATED








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments