HOW TO? : සති අන්තය ප්‍රීතිමත් කරගන්නේ කොහොමද?






















වෙහෙසකර වැඩ සතියකින් පසු සති අන්තයේ ටිකක් වැඩිපුර නිදා ගන්න, අලසව ඉන්න අපි කවුරුත් කැමතියි. වැඩට යන්න පාන්දර 5ටවත් නැගිටින අපි, සති අන්තෙ 7 වෙනකම් වත් නිදාගන්න ආස එක පුදුමයක් නෙමෙයි.  

අපි විතරක් නෙමේ හැම රටකම එහෙමයි. සමහර දියුණු රටවල නීති දාලා තියෙනවා සති අන්තයේ උදේ 8-9 පහුවෙනකම් තණකොල කපන මැෂින් වගේ අහල පහල අයගේ නින්දට බාදා වෙන ශබ්ද එන වැඩ පටන් ගැනීම තහනම් කියලා. ඒ සතියම මහන්සිවෙලා වැඩකරන මිනිස්සුන්ට ටිකක් වැඩිපුර නිදාගන්න ඉඩ දෙන්න. එහෙ ඉතින් පාන්දර 4 බෙලෙක් හඬින් කෑගහන මුස්ලිම් පල්ලි, පාන්දර 5 වෙනකොට ඇඳෙන් බිමට වැටෙන තරම් සද්දෙට පිරිත් දාන පන්සල් නෑනෙ...

කොහොම වුනත් මිනිස්සුන්ගේ සති අන්ත දින චර්යාවන් හා ඒවා ඔවුන්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන පර්යේෂණ කරන විද්‍යාඥයෝ කියනවා, සති අන්තේ දින චර්යාව ඉතාමත් අලස ලෙස සකස්කරලා තියෙන අයගෙ සෞඛ්‍යයට ඒ හැසිරීම බාධාවක් කියලා. ඔවුන් කියන විධියට සති අන්තයේදීත්, සතියෙ දිනවල වගේම උදෙන් නැගිටලා ක්‍රියාශිලී වන අයගේ නිරෝගීභාවය වැඩියි.

අද සිකුරාදා හින්දා, දැනගනිමු, කොහොමද ප්‍රීතිමත්, සැහැල්ලු සති අන්තයක් ගත කරන ගමන් නිරෝගීභාවය ආරක්ෂාකර ගන්නේ කියලා.

වැඩිපුර නිදා ගන්න එපා
සෙනසුරාදට, ඉරිදට වැඩිපුර නිදාගන්න එක, වෙහෙසකර සතීයේ දිනවල රාත්‍රියේ නින්ද හොඳින් නොලැබීමට හේතුවෙනවලු. ඒ, අපගේ ශරීරවල තියෙන ස්වභාවික ජීවන රිද්මය (circadian rhythm)  සති අන්තයේ වැඩිපුර නිදාගැනීමෙන් අවුල්වෙන නිසාලු.  එතකොට සතියේ දිනවල නින්දයන්න ගතවෙන වෙලා වැඩිවෙලා අවදිවෙන්න පරක්කු වෙන්න ඉඩතියෙනවලු. ඒනිසා සතිය, සති අන්තය බලන්නේ නැතුව, හැමදෑම එකම වෙලාවට නැගිටින්න පුරුදු වෙන්නලු. නැගිටලා ටිකක් එලියේ එහා මෙහා ඇවිදලා විවේකෙන් හිටියට කමක් නැ, වැඩට දුවන්න නැති නිසා.

පැයක්වත් දාඩිය දාන, වෙහෙසකර ව්‍යායාමයක් කරන්න
ව්‍යායාම කරන්න. අඩුම ගනනේ සති අන්තයේ වත් ව්‍යායාම කරන අය, අඩු වයසෙන්, බෝ නොවන රෝග වලින් මිය යාම, එම කිසිම ව්‍යායමයක් නොකරන අයට වඩා අඩුයිලු. ඒ නිසා ටිකක් දාඩිය දාන්න පැයක් වත් වේගෙන් ඇවිදින්නා. චැට් දදා ලැසි ගමනින් පැය ගාණක් ඇවිද්දත් එතරම් වැඩක් නැති බවත් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා.

සමාජශීලී වෙන්න (හැබැයි සෙට් වෙන්න එපා)
සති අන්තයේ සමාජශීලීව, මිතුරන් සමග විනෝදයෙන් ගත කරන අය ආයෙත් වැඩට යන්නේ, තනිවම සති අන්තය ගතකරපු අයට වඩා ප්‍රබෝධයෙන්, හොඳ මානසිකත්වයකින් කියලා. රැකියාවේ ප්‍රශ්ණ ගෙදර දොර ගැටලු අමතක කරලා සැහැල්ලුවෙන් හිතවත් අය සමග සිටීම මානසික සෞඛ්‍යයට ගොඩක් හිතකරයිලු.

වැඩිපුරම බර වැඩිවෙන්නේ සති අන්තයේ
සති අන්තයේ අධික මේධය ඇති, විශාල ලෙස ප්‍රෝටීන් ඇති ආහාර ගැනීමෙන්, සෞඛ්‍යයට අහිතකර වෙනවා කියලා කියන්නත් දෙයක්ද?






__________________________________________________________________________


Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments