MEDICAL RESEARCH : අක්ෂි රෝගීන්ට කෘත්‍රිම ඇස්? දෘෂ්ඨිවිතානයක් කෘත්‍රිමව නිපදවයි!


ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ 24හැවිරිදි පර්යේෂිකාවක් කෘත්‍රිම දෘෂ්ඨිවිතානයක් නිර්මාණය කොට තිබෙනවා. හයිඩ්‍රෝජෙල් නම් රසායණිකය හා සෛලපටක ආධාරයෙන් නිර්මාණය කොට ඇති මෙම කෘත්‍රිම දෘෂ්ඨිවිතානය ආලෝකයට සංවේදී බව පර්යේෂණවලින් ඔප්පුවී ඇති අතර එම දෘෂ්ඨිවිතානය මගින් අක්ෂි ස්නායු උත්තේජනය කල හැකි විද්‍යුත් සංඥා නිපදවනවා. ඒ අනුව, නුදුරු අනාගතයේදී මේ  කෘත්‍රිම දෘෂ්ඨිවිතානය බද්ධ කිරීමෙන්, දෘෂ්ඨිවිතානයේ ආබාධ නිසා අන්ධ භාවයට හෝ අර්ධ අන්ධභාවයට පත්වී ඇති පුද්ගලයින්ට යම් ආකාරයක පෙනීමක් ලබාදීමට හැකිවනු ඇති.

මෙම දෘෂ්ඨිවිතානයේ ඇති විශේෂත්වය නම් එය කෘත්‍රිම වුවත් නිර්මාණය කොට ඇත්තේ සම්පූර්ණයෙන්ම කාබනික වන ජීව ද්‍රව්‍ය වලින් වීමයි. ඒ අනුව අපසුවකින් තොරව එම දෘෂ්ඨිවිතානය ඇසට බද්ධකිරීමට හැකිවනවා.









__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments