MOTORBIKES : අලුත්ම යමහා R15 v3.0 2017 මාදිලිය හඳුන්වාදේ


යමහා සමාගම වේගයෙන් දියුණුවෙන ආසියාතික රටවල් සඳහාම නිර්මාණය කරන ලද R15 අධිවේගී මෝටර්සයිකලය නොබෝදා වියට්නාමයේදී එලිදැක්වුනු අතර ලඟදීම වෙනත් ආසියාතික රටවලටද හඳුන්වාදීමට බලාපොරොත්තු වනවා.

Variable Valve Actuation (VVA)  තාක්ෂණයෙන් යුතු ද්‍රව සිසිලන (liquid cooled) එන්ජිමක් සහිත R15 මෝටර්සයිකලයේ එන්ජිම CC150 වන ලෙස සකසා ඇත්තේ මිළදීගැනීමේ ශක්තියෙන් අඩු රටවල්වල මෝටර්සයිකල් ලෝලීන් සඳහා මිලෙන් අඩු කර ලබාදීම සඳහාය.ගියර් 6ක් සහිත මෙම බයික් එක අශ්වබල 17ක ජවයක් නිපදවන බව පැවසෙනවා.

LED ප්‍රධාන ලාම්පු හා පසුපස ලාම්පු වලින් යුතු මේ බයික් එක සිත් ඇදගන්නා ලෙස නිර්මාණය කොට ඇති අතර රතු, නිල්, මැට් බ්ලැක් හා මැට් බ්ලූ යන වර්ණයන්ගෙන් මිළදීගත හැකිය. ඉන්ධන දහනය අඩුකරන යමහා සමාගමට පේටන්ට බළපත්‍ර සහිත Blue Core තාක්ෂණය මෙහි අඩංගුකොට ඇති බවද පැවසෙනවා.

Bajaj Pulsar RS200 හා TVS Apache RTR 200 යන ජනප්‍රිය ඉන්දියානු නිෂ්පාදනවලට තරඟයක් ලබාදීම සඳහා මෙය ලඟදීම ඉන්දියානු වෙළඳපොලටද පිවිසෙනු ඇති අතර ඉන්දියානු රුපියල් ලක්ෂ 1.5කට මෙය ඉන්දියාවේදී අලෙවි කිරීමට බලාපොරොත්තු වන බව යමහා සමාගම පවසනවා.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments