SMARTPHONES : ගැලැක්සි S 8 අලෙවි වාර්තා බිඳහෙලයි


සැම්සුන්ග්  සමාගම S8 වෙළඳපොලට නිකුත් කිරීමට සූදානම් වෙද්දී ඔවුන්ට තිබුණු ලොකුම බය තමයි නෝට් 7 දුරකථන පුපුරායාම නිසා ලොව පුරා සැම්සුන්ග් නාමයට ඇතිවූ කැළල.

නෝට් 7 පිපිරීම් නිසා සැම්සුන්ග් සමාගමට බොහෝ කාළෙකට ඔලුව උස්සන්න බැරිවෙයි කියලා විචාරයකයින් බොහෝ දෙනෙක් අනාවැකි පලකරලා තිබුණා.

ඒ අණාවැකි කොහොම වුනත් දැන් සැම්සුන්ග් සමාගමෙන් ලැබෙන වාර්තා අනුව S8 ෆෝන් මාදිලි දෙකටම 2016 Galaxy S7 ෆෝනයට ලැබුණු මුල් ඇණවුම් වලට වඩා 30% වැඩි ඇණවුම් ලැබිලා තියෙනවා. සැම්සුන්ග් කියන විදියට S8, S8+ වලට ලැබෙන තියෙන ඇණවුම් තරම් විශාල ඇණවුම් මෑත කාළයේදී සැම්සුන්ග් සමාගමට ලැබිලා නෑ.

ඒ වුනත් සැම්සුන්ග් S8 ෆෝනයේ තිරයේ ඇති ගැටළුවක් නොබෝදා වාර්තා වුනා. ඒ සමහර S8 තිරවල වර්ණය රතුපැහැයට බර වර්ණයක් ගෙනදීම. බොහෝ S8 අයිතිකරුවන් මෙය එහි තිරයේ තක්ෂණික දෝශයක් කියලා බිය පලකරත් සැම්සුන්ග් සමාගම නිළ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එය තිරයේ දෝශයක් නොව තිරයේ වර්ණ හරිහැටි පෙන්වන මෘදුකාංගයේ සුලු දෝශයක් බවයි. මේ සඳහා එකක් ලඟදීම නිකුත් කරන බව සමාගම කියනවා.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments