SMARTPHONES : අලුත්ම Android O ඩිවෙලොපර් බීටා සංස්කරණය දැන් බාගන්න පුලුවන්



ගූගල් I/O සමුළුවේදී, අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන ඇන්ඩ්‍රොයිඩ් O මෘදුකාංග නිර්මාපකයින්ට එලිදැක්වුනා. ඇන්ඩ්‍රොයිඩ් O මෙහෙයුම් පද්ධතිය සකස් කොට තිබෙන්නේ අලුත්ම අලුත් ඇප් හා ගැජට් වලින් ඔබ මන්මත් කරන්නට නොව, ඔබගේ ස්මාර්ට්ෆෝන් භාවිතය වඩාත් පහසු කරන්නට හා වේගවත් කරන්නටයි. එනිසා සුපිරි ෆීචර්ස් රාශියක් මෙයින් බලාපොරොත්තු වෙන්න එපා.

වේගවත් ලෙස ෆෝනය බූට් වීම, වේගවත් ලෙස ඇප් ලෝඩ් වීම, සයිබර් ප්‍රහාර හා වෛරස සඳහා වැඩි ආරක්ෂාව මෙන්ම ගූගල් ටෙන්සර්ෆ්ලෝ ලෙස හැඳින්වෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහන් පාදමද සහිතව එන මෙය, ගූගල් ලෙන්ස් වැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිතය පහසු කරනු ඇත.

එමෙන්ම O සංස්කරණයේ ගුගල් Fluid Experiences තාක්ෂණය හා ගූගල් Vitals තාක්ෂණයද  Kotlin නම්  නවතමමොබයි ඇප්ලිකේෂන් ලිවිය හැකි පරිගණක භාශාවද අඩංගු වනවා.

ඇන්ඩ්‍රොයිඩ් O සංස්කරණය බාගත කරගැනීමේ හා ස්ථාපනය කිරීමේ උපදෙස් මෙතනින් ලබාගත හැක.
https://developer.android.com/preview/download.html





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments