SMARTPHONES : ස්මාර්ට්ෆෝන් නැති ලොවක් තනන්නට සැරසෙන සකර්බර්ග්


මාර්ක් සර්කර්බර්ග් සැබැවින්ම දුක්වන එක් දෙයක් ඇත්නම් ඒ තමන්ගේම ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතියක් තනාගැනීමට උනන්දු නොවීමය. ඇපල් හා ගූගල් රජකරන ස්මාර්ට්ෆෝන් ලෝකයේ ෆෙස්බුකියට අනාගතයක් නොමැති බව කල්පනාකරන සකර්බර්ග්, ස්මාර්ට්ෆෝන් නැති, කෘත්‍රිම බුද්ධි ඇප්ස් හා වර්චුවල් රියැලිටි / ඔග්මෙන්ටට් රියැලිටි තුලින් අපට ලොව බලන්නට බල කරන අනාගතයක් කරා වෙනස් මගක යන්නට තීරණය කරලා. මේ සඳහා ආරම්භක වෙඩි මුරය පසුගිය අප්‍රේල් 18-19 පැවැතුවුනු ෆේස්බුක් F8 සමුළුවේදී පත්තු කරන්නට සකර්බර්ග් පියවර ගත්තා.

ෆේස්බුක් දස අවුරුදු මාර්ග සිතියම එලිදැක්වූ සකර්බර්ක් එහි වැඩි බරක් වර්චුවල් රියැලිටි, හා කෘත්‍රිම බුද්ධි සහයකයින් වෙත යොමුවෙන බව පෙන්වා දුන්නා. ඒ අනුව ස්මාර්ට්ෆෝනයක් රහිතව ඇස් කණ්නාඩි දෙකකින් වැනි උපක්‍රමයකින් ෆේස්බුක් හා නිරන්තරව සම්බන්ධවීමටත් සාමාන්‍ය ලෝකය ෆේස්බුක් හා බද්ධවන ඔග්මෙන්ටන් රියැලිටි ආකාරයට ලොව දකින්නටත් හැකි උපක්‍රම නිර්මාණය කෙරෙනු ඇති.


ඔග්මෙන්ටඩ් රියැලිටි ඇප් තැනීම සඳහා නම් Camera Effects platform වර්චුවල් රියැලිටි ඇප් නිර්මාණ මෘදුකාංග කට්ටලයක් හඳුන්වාදුන් සකර්බර්ග් මේ කට්ටලය ආධාරයෙන් ඕනෑම මෘදුකාංග ඉන්ජිනේරුවෙකුට ෆේස්බුක් හා එක්ව ක්‍රියාත්මක වන වර්චුවල් රියැලිටි ඇප් තැනිය හැකි බව පැවසූවා.








__________________________________________________________________________


Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments