SPACE FLIGHT : අද අභ්‍යවකායට යැවෙන ඇමරිකාවේ අලුත්ම ඔත්තු බලන චන්ද්‍රිකාව


තව සුළු මොහොතකින් එනම් ඇමරිකාවේ නැගෙනහිර සම්මත වෙලාවෙන් උදෑසන 7ට ඇමරිකාවේ අලුත්ම ඔත්තු බලන චන්ද්‍රිකාව ස්පේස් X සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුවකින් අභ්‍යවකාශය වෙත යැවීමට සියල්ල සූදානම් වී තිබේ. සියලුම ඇමරිකානු ඔත්තුබලන චන්ද්‍රිකා ගුවන්ගත කරවන්නේත් පාලනය කරන්නේත් National Reconnaissance Office (NRO)  නම්වූ අමෙරිකානු ඒජන්සිය මගිනි.

මේ වන විට ෆැල්කන් 9 රොකට්ටුවට ඉන්ධන පුරවා අවසන් පූර්ව පියාසර කටයුතු සිදුකෙරෙමින් තිබෙනවා. ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් තුඩුවේ  Launch Complex 39Aනම් රොකට් පර්යන්තයෙනුයි මෙම රොකට්ටුව අහසට විදින්නේ.

මෙම ලිපියා ලියා අවසන් කිරීමට පෙර සාර්ථකව ගුවන්ගත වුනු ස්පේස් X ෆැල්කන් 9 රොකට්ටුවේ "Lift Off" අවස්ථාව
NROL-76 යන කේතයෙන් පමණක් හඳුන්වන මෙම චන්ද්‍රිකාවේ හැකියාවන් පිලිබඳව කිසිවක් හෙලිවී නෑ. එහෙත් එය පෘථිවියේ බොහෝ පෙදෙස් සියුම්ව ඡායාරූපයට ගත හැකි අධිවිබේධන කැමරා සහිත එකක් බව නම් තහවුරුවී තිබෙනවා.

සාමාන්‍යයෙන් ඇමරිකානු ආරක්ෂක අංශ රොකට් ගුවන්ගත කිරීම සඳහා භාවිතා කරන්නේ ඇමරිකාවේ දැවැන්ත ආරක්ෂක තාක්ෂණ සමාගමක් වන Lockheed Marting සමාගම අනුබද්ධ United Launch Allience (ULA) නම් රොකට් ගුවන්ගත කිරීමේ සමාගමේ ඇට්ලස් රොකට්ටුය. එහෙත් මෙවර ස්පේස් X සමාගමට මේ කොන්ත්‍රාත්තුව ලැබුනේ යුනයිටඩ් ලෝන්ච් ඇලයන්ස් සමාගමට වඩා අඩු ලංසුවකට එම චන්ද්‍රිකාව උඩුගුවනට යැවීමට ස්පේස් x සමාගම ගිවිසුම් ගතවී සිටින නිසයි.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments