ALIENS & EXTRA TERRESTRIALS : 1947 අවුරුද්දේ Roswell සිද්ධිය යටගැසූ ජෙනරාල් Roger Ramey අත තිබූ ලියුමෙන් හෙලිවුනු දේ


රොස්වෙල් කියන්නේ ඇමරිකාවේ නිව් මැක්සිකෝ කියන අර්ධ කාන්තාරවලින් ගහන ප්‍රාන්තයේ තියෙන කුඩාම කුඩා නගරයක්. ජනගහනය 48,000ක් විතර. සංසන්දනාත්මකව ලංකාවේ කවුරුත් දන්න කුඩා නගරයක් වන තිස්සමහාරාමයේත් 79,000ක ජනගහනයක් ඉන්නවා. 

ඉතින් මේ කුඩා නගරය ගැන ඇමරිකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ පුරාම මිනිස්සු දැනගත්තේ 1947දී සිදුවෙලා, 1980 ගණන් වෙනකම් අමතකවෙලා ගිහින් යලිත් කරලියට ආපු සිද්දියක් නිසා. ඒ සිද්දිය මොකක්ද කියලා හැමෝම දන්නවා.

ඇත්තටම රොස්වෙල් වලට 1947 ජූලි මාසේ වැහිබර රාත්‍රියක කඩා වැටුනේ ඇමරිකන් ගුවන්හමුදාව දියත්කල, ප්‍රොජෙක්ට් මෝගල් නැමති ව්‍යාපෘතියේ අහස් බැලූනයක්ද? නැතිනම් යම් අත්භූත යානයක්ද?

එදා රෑ රොස්වෙල් වලට කඩා වැටුනේ සැබැවින්ම අත්භූත යානයක් නම් ඒ යානාව කොහිසිට කුමක් සඳහා කා විසින් එවන ලද්දක්ද?

පලමුවැනි කල්පිතය : මෙය ඈත අනාගතයේ සිට, එනම්  කාළ තරණ තාක්ෂණය බිහිකරගත් පෘථිවියේම අනාගතයේ දිනක බිහිවී අප ජීවත්වන වර්තමානයට පැමිණි කාළ සංචාරකයින්. එනම් මෙහි පැමිණ ඇත්තේ අනාගත කාළයක හෝමෝ සැපියන්වරුන්ය.

දෙවන කල්පිතය : අපගේ විශ්වයට සමාන්තර විශ්වයක ඇති පෘථිවියකින් වැරදීමකින් හෝ හිතාමතා පැමිණි යානයක්. සමාන්තර විශ්ව පිලිබඳ කල්පිතයක් පවති අතර එම විශ්ව අපගේ විශ්වයේ දර්පණ ප්‍රතිබිම්බ ලෙස ගත හැකියි. එවැනි විශ්වයක ඇති පෘථිවියකින් සමාන්තර විශ්වයක ඇති පෘථිවියකට පැනීමට හැකියාව ඇති බව විශ්වාස කෙරෙනවා. කලක් ඉතා ජනප්‍රියවූ FRINGE නම් විද්‍යාප්‍රබන්ධ ටීවී සීරීස් එක මෙවැනි සමාන්තර විශ්වයක ඇති පෘථිවියක සිට අපගේ පෘථිවියට සිදුවන ආක්‍රමණයක් විස්තර කරනවා.

තුන්වැනි කල්පිතය : වෙනත් මානයකින් (dimension) මෙහි පැමිණි extra dimensional ජීවීන් පිරිසකගේ යානාවක්. ඔවුන් ජීවත්වන මානය, අප ජීවත්වන ත්‍රිමාණ ලෝකයට වඩා වෙනස් විය හැකි අතර ඔවුන්ගේ මානයෙන් අපගේ මානයට පැනිය හැකි තාක්ෂණයක් නිර්මාණය කරගත් දියුණු ජීවින් විය හැකියි.

සතරවැනි කල්පිතය : ජනප්‍රියම කල්පිතය වන්නේ වෙනත් ග්‍රහලෝකයක සිට පැමිණි පිටසක්වල ජීවීන් පිලිබඳ කල්පිතයයි. Extraterrestrial Beings Hypothesis ලෙස හැඳින්වෙන මෙය වඩාත් ආකර්ෂණීය වන්නේ, අපගේ විද්‍යා දැනුමෙන් වඩාත් ලෙහෙසියන් පැහැදිලි කල හැකි කල්පිතය මෙය නිසායි. දියුණු ජීවය බිහිවූ වෙනත් ග්‍රහලෝකයක ජීවීන් කෙසේ හෝ පෘථිවිය පිලිබඳව දැනකියාගෙන එය ගවේෂණය කිරීමට (හෝ ආක්‍රමණය කොට අල්ලා ගැනීමට ) මෙහි එවන ලද යානාවක් කඩා වැටී එහි ගවේශකයින් මියගොස් තිබෙනවා.

Roswell බැලුනයේ කොටස් මාධ්‍යවලට පෙන්වූ මාධ්‍ය හමුවේදී ගුවන් හමුදා ජෙනරාල් රොජර් රැමී අතේ තිබුණු ලියුම කියවිය හැකි තාක්ෂණය මගින් සොයාගත් දේ?


අතිශය දියුණු ෆොටෝ එන්හාන්ස්මන්ට් තාක්ෂණය ආධාරයෙන් මෙම ලිපියේ නැතිනම් මෙමෝ එකේ පේන්න තියෙන පැත්තේ ඇති දේවල් 80%ක් පමණ සාර්ථක විධියට තේරුම් ගන්න පුලුවන් වෙලා තියෙනවා. 1947 ජූලි 8 වැනිදා දාතම සහිත එම ලිපියට අනුව;

1] කවාකාර, කවපෙත්තක හැඩැති යානාවක් සැබැවින්ම රොස්වෙල්හි ගොවිපොලකට කඩා වැටුනු බව.

2] එම යානාවේ සුන්බුන් ඇති ප්‍රදේශය යුධ හමුදාව මගින් වටකොට මෙහෙයුම් සිදුකෙරෙමින් තිබෙන බව

3] කඩා වැටුනු වටකුරු යානාවේ ගමන් කරමින් සිට අණතුරට පත්වූවන් (victims of the wreck) සිටි බවට වන සඳහන.

4] මෙම කවාකාර යානාවේ සිටියවුන් "aviators of the disk - කවාකාර යානාවේ ගගනයාත්‍රිකයින්" ලෙස ඇමරිකන් යුධ හමුදාව හැඳින්වූ බව හා එමගින් ඔවුන් යානාවේ පියාසර කරමින් සිටි බවට වන සඳහන.

5] SEND OUT PR OF WEATHER BALLOON - PR හෙවත් Public Relations (මහජන සම්බන්ධතා) කටයුත්තක් ලෙස කාළගුණ බැලූනයක් කඩාවැටුනු බවට ප්‍රවෘත්තියක් පිටකිරීමේ සැලසුම








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments