HEALTH : ලෝක ලේ දන්දීමේ දිනය අදයි!

ලේ දන්දීමේ වැදගත් කම ලොවට මතක් කර දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධව සංවිධානය කරන ලෝක ලේ දන්දීමේ දිනය ජූනි 14 වැනිදා වන අදට යෙදී තිබෙනවා.

ලෝකයේ රටවල් 176ක ඇති ලේ දන්දීමේ මධ්‍යස්ථාන 13,000කදී ලේ සාම්පල මිලියන 112.5ක් පමණ වසරකදී එකතුවනවා. මෙයින් වැඩි ප්‍රමාණයක් ලේ දන්දීම් සිදුවන්නේ ධනවත් රටවලයි. අඩුම ලේ දන් දීම් ප්‍රමාණයක් සිදුවන්නේ දුප්පත්ම රටවලයි. අඩු ආදායම් රටවල ලේ වැඩිම ප්‍රමාණයක් අවුරුදු 5ට අඩු රෝගී දරුවන්ට අවශ්‍යවන අතර ධනවත් රටවල වැඩිම ප්‍රතිශතයක් ලේ අවශ්‍ය වන්නේ වයස්ගත රෝගීන්ටයි.

ලේ ලබාදෙන්නන් අනිවාර්ය පරීක්ෂා කිහිපයකට බඳුන් කිරීමෙන් පසුවයි ඔවුන්ගෙන් ලේ ලබා ගන්නේ. ලේ දන්දෙන්නාගේ හිමැටොක්‍රිට් හා හිමෝග්ලොබින් ප්‍රමාණය මැන බලන අතර නාඩි, රුධිර පීඩනය හා ශරීර උෂ්ණත්වයද මැන බලනවා.


ලබාගත් ලේ, නැවත රෝගියෙකුට ලබාදීමට පෙර HIV, මැලේරියා, සිපිලිස්, හෙපටයිටිස් ආදී රෝග පරීක්ෂාවන් අනිවාර්ය වනවා. රුධිර පාරවිලයනයෙන් රුධිරය ලබන්නාර ඒඩ්ස්, හෙපටයිටිස් වැනි රෝග වැළඳීමේ අවදානම ඉතා වැඩි හෙයින් රුධිර සාම්පල දැඩිලෙස පරීක්ෂාකිරීමෙන් අනතුරුවයි ලේ බැංකුවේ තැම්පත් කරන්නේ.

ලේ දන්දෙන්නන්ගෙන් ලේ ලබාගැනීමේදී සාමාන්‍යයෙන් මිලිලීටර් 450ක් පමණ ලබාගන්නා අතර මීට අඩුවෙන් ලබාගන්නා අවස්ථාත් තිබෙනවා. ධමනියක් සිදුරු කිරීමෙන් එන රුධිරය ප්ලාස්ටික් බෑගයකට එකතුකරන අතර එම බෑගයේ සෝඩියම් සිට්‍රේට්, ඩෙක්ස්ට්‍රෝස්, පොස්ෆේට් හා ඇඩීනයින් තිබෙනවා. මෙම රසායණ මගින් ලේ කැටිගැසීම නවත්වා කල්තබා ගැනීම පහසු කරනවා.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments