UK ELECTION 2017 : හදිස්සියේ චන්දවලට යාමේ පලවිපාක :D :D :D


එක්සත් රාජධානියේ 2017 හදිසි මහ මැතිවරණයේ ආසන 650න් ආසන 649කම නිළ ප්‍රතිපල නිකුත්වී ඇත. හදිසි මහමැතිවරණයක් කැඳවීමට පෙර අග්‍රාමාත්‍ය තෙරේසා මේ මැතිණියගේ කොන්සර්වේටිව් පක්ෂයට ආසන 331ක් තිබූ අතර දැන් එය 318ට කඩා වැටී ඇත. ආසන 230 පමණක් තිබූ ජේරමි කෝර්බින් නායකත්වය දෙන ලිබරල් පක්ෂයට ආසන 261 ලැබී දැවැන්ත පිම්මක් පැන ඇත. 

තෙරේසා මේ මැතිණියට පසුව චන්දෙන් හොම්බෙන් ගිය තවත් නායිකාවක් වන්නේ ස්කොටිෂ් නැෂනල් පක්ෂයේ නායිකා හා ස්කොට්ලන්ත ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍ය නිකොලා ස්ටර්ජන් මැතිණියයි. චන්දෙට පෙර ආසන 54ක බලයක් හෙබවූ ඇය චන්දෙන් පසු ආසන 35ට පල්ලම් බැස ඇත.

කෙසේ වෙතත් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 326ක බහුතරය ලබාගැනීම සඳහා තෙරේසා මේ ආසන 10ක් දිනා සිටින ඩෙමොක්‍රැටික් යුනියනිස්ට් පක්ෂය සමග පුලුල් අවබෝධතාවයකට එළඹී ඇති අතර ඒ අනුව ආසන 328ක් සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට කොන්සර්වේටිව් පක්ෂයට හැකිවනු ඇත. ඩෙමොක්‍රැටික් යුනියනිස්ට් පක්ෂය සමග වන හවුල් ආණ්ඩුව එතරම් අවුල් ආණ්ඩුවක් නොවනු ඇතැයි සිතිය හැක්කේ ඔවුන්ගේ ප්‍රතිපත්ති බොහොමයක් කොන්සර්වේටිව් ප්‍රතිපත්ති හා බොහෝ සෙයින් පෑහෙන බැවිනි.

ඉතා දුර්වල චන්ද ව්‍යාපාරයක් හා චන්දදායකයින්ගේ දැඩි නොසතුටට හේතුවන ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත්කිරීම ආදී චෝදනා නිසා තෙරේසා මේ මහත්මියට කොන්සර්වේටිව් පක්ෂයේ  නායිකාව ලෙස පැවැත්මක් ඇතිද යන්න ගැටලුවක්. අමාත්‍යවරු ඇතුලු පක්ෂ දැවැන්තයන් ගණනාවක් පරාජයවූ චන්දයක් මෙහෙයවූ තැනැත්තිය ලෙස කොන්සර්වේටිව් පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලකින් තෙරේසා මේ මැතිණියගේ ගෙළ සිඳී යාමේ ඉහල සම්භාවිතාවයක් ඇති බව බ්‍රිතාන්‍ය විශ්ලේෂකයින් පවසනවා.

තෙරේසා මේ හදිසි චන්දයකට ගියේ (අපගේ එක්තරා හිටපු නායකයෙකු මෙන්ම ) විශාල රැල්ලකින් දැවැන්ත බහුතරයකින් ආණ්ඩුවක් පිහිටුවීමටයි. ඒ වනවිට ලිබරල් පක්ෂය තුල අභ්‍යන්තර වියවුල් හටගෙන තිබූ අතර ජෙරමි කෝර්බින්ගේ නායකත්වයට එලිපිට අභියෝග එල්ලවෙමින්, ලිබරල් පක්ෂය විහිලුවක් බවට පත්වෙමින් තිබුණි. එමෙන්ම යුරෝපා හවුලෙන් වෙන්වීම  වෙනුවෙන් ජනමත විචාරණයෙන් ජයලබා සිටි අවධියක තෙරේසා චන්දයට ගියේ ඉක්මණින් හා බ්‍රිතාන්‍යයට වාසි සහගත ලෙස යුරෝපා හවුලෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාදාමය වේගවත් කරගැනීම සඳහා ශක්තිමත් ජනවරමක් දෙන ලෙස ඉල්ලමිනි.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments