NUTRITION : අජිනමොටෝ හොඳටම හොඳයිලු ඔන්න!


ස්ටීව් විදර්ලී කියන්නේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ඩේවිස් මණ්ඩපයේ (University of California - Davis) ආහාර හා පෝෂණ විද්‍යාඥයෙක්. ඔහු කියන අන්දමට මොනෝසෝඩියම් ග්ලුටාමේට් (Monosodium Glutamate - MSG - ලංකාවේ ජනප්‍රිය වෙළඳ සන්නාමය අජිනමොටෝ) කිසිම අගුණයක් නැති, කෑම ප්‍රිය කරවන ස්වාභාවික ළවණයක්. විදර්ලී මෑතකදී සම්පාදනය කරපු "Why Humans Like Junk Food" පර්යේෂණ කෘතියේ ඔහු, MSG යොදාගෙන කරන ලද පර්යේෂණ විස්තර කරනවා. MSG වලට ඔහු වැඩි අවධානයක් යොමුකරලා තියෙන්නේ ඔහුගේ පර්යේෂණ විශය වන ජන්ක් ෆුඩ් නැතිනම් සීනි/ලුණු/කැලරි වැඩි, ගුණෙන් අඩු, රසයෙන් ප්‍රණීත ආහාර වලට MSG බොහෝ විට යොදා ගන්නා නිසයි.

විදර්ලි පවසන අන්දමට ඇමරිකන් රසායණ විද්‍යා සංගමය මොනෝසෝඩියම් ග්ලුටාමේට් වල අහිතකර ප්‍රතිපල විස්තර කරන්නේ මේ විධියට "MSG can temporarily affect a select few when consumed in huge quantities on an empty stomach, but it's perfectly safe for the vast majority of people [MSG විශාල ප්‍රමාණයක්, හිස් බඩ ආහාරයට ගැනීමෙන්, සුලු පිරිසකට අප්‍රියාව, වමනය වැනි අහිතකර ප්‍රතිපල ඇතිවුනත්, බොහෝ දෙනෙකුට MSG අහිතකර නෑ."

MSG ස්වභාවිකවම තක්කාලිවල, සොයා සෝස්වල, සාර්ඩින් ආදී මාලු වර්ගවල තිබෙනවා. සෝයා සෝස්, තක්කාලි වගේ දේවල් ආහාරවලට දැම්මාම ඒවා රසවත් වෙන්නේ ඒ නිසයි. 

ලෝකයේ බොහෝ රටවල, MSG අහේතුක භීතිකාවක් හටගෙන තියෙනවා. MSG නිසා පිළිකා, දැඩි හිසරදය හා වෙනත් ආබාධ ඇතිවන බවට විද්‍යාත්මක පදනමක් නැති චෝදනා රාශියක් සංසරණය වන නිසා මෙවැනි පර්යේෂණ සිදුකරන්නට පෙළඹුන බව ඔහු සඳහන් කරනවා. 

බොහෝ දෙනෙකු නොදන්නවා වුනාට KFC, මැක්ඩොනල්ඩ්ස්, නෙස්ලේ, යුනිලීවර් වැනි සමාගම් සිය සකස්කල ආහාර හා ආහාර රසකාරක හා සැපයුම් සඳහා MSG විශාල ලෙස යොදා ගන්නවා. වරදකට ඇත්තේ මේ සමාගම් කිසිවක් ප්‍රසිද්ධියේ ඒවා යොදාගන්නා බව  පිලිගෙන MSG අහිතකර නොවන බවට ඇති විද්‍යාත්මක පර්යේෂණ තොරතුරු මහජනයාට හෙලි නොකිරීමයි. මෙ නිසා මහජනයා අතර අනියත බියක් ඇතිවන අතර ෆේස් බුක් වැනි මාධ්‍යවල රඟන ෆේක් නිවුස් විශේෂඥයින්ට ඉනිමං තැබෙනවා.

විශාල ලෙස MSG යොදා නිෂ්පාදනය කරන බවට පර්යේෂණයකින් තහවුරුවූ නිසා 2015දී ඉන්දියාවේ නෙස්ලේ සමාගම මැගී වෙළඳපොලෙන් ඉවත්කලා. ඔවුනට විරුද්ධ බරපතලම චොදනාව වූයේ "No added MSG" යනුවෙන් පැකට්ටුවේ සටහන් කොට තිබියදීත් ඉන්දියන් මැගී නූඩ්ල්ස් වල මොනෝසෝඩියම් ග්ලූටාමේට් විශාල ලෙස තිබෙන බව ඉන්දියානු ආහාර සුරක්ෂිතතා පර්යේෂණ ආයතනයක් හෙලිකර ගැනීමයි.

මේ චෝදනා වලට පිලිතුරු දෙන ඉන්දියානු නෙස්ලේ සමාගම, මැගී නූඩ්ල්ස් පැකට්ටුවේ "No added MSG" ලෙස සටහන් කොට ඇත්තේ රසකාරයක් ලෙස අමතරව MSG නොදමන නිසායි. එහෙත්, මැගී නූඩ්ල්ස් රසකාරක පැකට්ටුවේ ඇති රසකාරක කුඩ සාදන රජකජු කුඩුවලින් නිස්සාරණය කරගත් සංයෝගයක් හා රතුලූණු කුඩුවල ස්වභාවිකවම MSG අඩංගු නිසා පර්යේෂණ වලදී මැගී පැකට්ටුවල MSG ඇති බව පෙනීගොස් තිබෙනවා.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments