POLITICS : අදින්නාදානා නෝ ප්‍රොබ්ලම් කරන මොක්පුර නොදුටු දෙව්දත්ලා


ලංකාවේ බුද්ධ ශාසනය විනාස කරන්නේ මුස්ලිම්වරුන් හෝ කතෝලික පල්ලිය හෝ ක්‍රිස්තියානි මිෂනාරීන් නොව දේශපාලනයෙන් අන්ධවූ අමන චීවරධාරීන් විසින් බව යලිත් වරක් තහවුරුවී තිබේ. මේ වතාවේ මේ අමනයානන් වහන්සේලා අදින්නාදානා ගැටලුවක් නොවන බව කියන්නට උත්සහ කරන්නේ සිවුරුත් ඇඳගෙනය.

මිලියන 600ක මහජන මුදල් කිසිදු නිළ අනුමැතිය ලබාගැනීමකින් තොරව, ඉල්ලූ සැනින් නිදහස් කල පැල්පිටත්, ලබාගත් සැනින් සිය අනුග්‍රාහකයාගේ චන්ද ව්‍යාපාරය වෙනුවෙන් යෙදවූ (මැතිවරණ කොමසාරිස් ලිඛිතවම අණතුරු අඟවා තිබියදීත් ඒවා කිසිත් මායිම් නොකර ) රජයේ ජ්‍යේෂ්ඨතම නිළධාරී ජනාධිපති ලේකම් වරයාත් කර ඇත්තේ වරදක් නොවන්නේ ඔවුන් "සිල්" යන විශේෂණ පදය ඇති රෙදි බෙදාදීම නිසාය.

මේ අමනයානන් වහන්සේලාට අනුව "සිල්", "සිවුරු", "පිරිකර" වැනි වචන ඉස්සරහින් යොදාගත් කල ඕනෑම කුණු වහන්තරාවක් පිරිත් පැන් මෙන් පිරිසිදු වන අතර මේ වචන පාවිච්චිකරන ඕනෑම පල් හොරෙක් සුද්දවන්ත, පින්වත් බෞද්ධයෙකු වෙයි. ඒ පව් කාරයන් හිරේ දැමීම බුදුසසුනට ගැරහීමකි.   

මේ වැදි බණවලට අනුව නම්

1] පික් පොකට් කාරයෙක් උපාසක අම්මා කෙනෙකුගේ පිං පඩිය උදුරාගෙන එයින් පිරිකරක් පූජා කලොත් ඌව අල්ලන්නට පොලීසියට බැරිය, හිරේ දාන්නට උසාවියට බැරිය.

2] කුළියට මිනීමරණ එකෙක් ඒ ලේ සල්ලි වලින් රන් ආලේපිත කරඬුවක් හෝ බුදුපිලිමයක් පූජාකලොත් ඌට මැරනතෙක් නිදහසේ මිනී මරමින් ඉන්නට දිය යුතුය. ඌව ඇල්ලීම බුදු සසුනට කරන ද්‍රෝහිකමකි.

3] කුඩු මුදලාලීලාට සියලු පව් වලින් නිදහස් වීමට පන්සලේ බෝධිප්‍රාකාරයේ රන්වැට කියා පිත්තල කණු සිටුවීමෙන් පුලුවන් කම ලැබේ.

කොටින්ම ඕනෑම හොරකමක් කොට සිල් රෙදි ටිකක්, පිරිකර ටිකක් පූජා කිරීමෙන් සියලු අදින්නාදානා නිෂ්ක්‍රියවේ.

අපරාදෙ, අර ඇලෝසියස් කාරයා බැඳුම්කර සල්ලි වලින් පත්තර ගන්න වෙලේ පොඩි පන්සලක් දෙකක් පේන්ට් කරලා, රීකන්ඩිෂන් කරලා සඟ සතුකරලා එහෙමයි හාන්දුන්නේ කියලා කිව්වනම් සඟ සසුනම උගේ පැත්තේනේ.... මෝඩයා....

දැන් ඉතින් මල්වතු අස්ගිරි උතුමාන් දෙපලට මළ පැනලා ප්‍රෙස් කොන්ෆරස් එකක් තියලා කියයි... " ඉතිහාසයේ කවරදාක්වත් නැති තරමට සංඝයා වහන්සේලාට අපහාස උපහාස කරනවා ..." කියලා. ඉතිහාසයේ කවරදාක්වත් සංඝරත්නය මේ වගේ අමනවැඩ කෙරුවා කියලා අහලා තියෙනවද මල්වතු අස්ගිරි හාමුදුරුවනේ?




       















__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments