ARE U SERIOUS? : ඩොලර් 1000ක් වෙන iPhone X එකේ ඇත්ත cost එක හොයාගනී!


ඇපල් ලෝලීන් පුලපුලා බලා සිටි අයිෆෝන් X සංවස්තර මාදිලියේ අඩුම ෆෝන් එකේ මිල ඩොලර් 1000ක් කියලා ඔබ දන්නවා. ඒකියන්නේ රුපියල් වලින් 150,000කට වැඩියි. ඉතින් ෆෝන් එක මෙච්චර ගණන් නිසා බොහෝ ඇපල් ලෝලීන් වගේම වෙනත් අයත් හිතන්නේ ඇපල් ෆෝන් වල නිෂ්පාදන වියදමත් බොහොම වැඩි ඇති කියලා.

මේ ගැන හොයලා බලන්න හිතපු ටෙක්-ඉන්සයිට්ස් කියන තාක්ෂණික සමාගම, අයිෆෝන් X එකකුත්, අයිෆෝන් 8 එකකුත් සල්ලි දීලා අරගෙන ඒවා කොටස් වලට ගලවා පරීක්ෂා කරලා තියෙනවා. 

ටෙක්-ඉන්සයිට්ස් තාක්ෂණවේදීන් සොයාගත්ත ආකාරයට අයිෆෝන් X එකක අඩංගු උපාංග සියල්ලේම පිරිවැය අයිෆෝන් 8 ෆෝන් එකේ උපාංග සියල්ලටම වඩා 25%කින් වැඩියි. ඒවුනත් ඇපල් සමාගම අයිෆෝන් X විකුණන්නේ අයිෆෝන් 8 එකක් විකුණනවට වඩා 43% වැඩිපුර වාසියක් තියාගෙන. ඒ කියන්නේ ගාණ අඩු අයිෆෝන් 8 එකකින් ලබන ලාබෙට වඩා විශාල ලාබයක් අයිෆෝන් X එකෙන් ඇපල් සමාගම ලබා ගන්නවා කියන එක.

ටෙක්-ඉන්සයිට්ස්ලාගේ ඇස්තමේන්තුවට අනුව අයිෆෝන් X එකක ඇතුලත සියලු උපාංගවල මිළ ඩොලර් 357.50 වෙනවා. එය විකුණන්නේ ඩොලර් 1000කට. ඒ කියන්නේ 64% ලාභ ප්‍රතිශතයක් තියාගෙන තමයි ඇපල් සමාගම අයිෆෝන් X එක විකුණන්නේ.

අයිෆෝන් 8 මාදිලියක සියලුම අභ්‍යන්තර කොටස්වල මිළ ඩොලර් 286.50ක් වෙනවා. අයිෆෝන් 8 විකුණන්නේ ඩොලර් 699කට. ඒ ලාභ ප්‍රතිශතය 59%ක් තියාගෙන.


__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments