ඡායරූපය බලන්න.
ඔබම සිතා බලන්න.
මේ තරුණ ළඳගේ අවධානය යොමුවී ඇත්තේ ස්මාර්ට්ෆෝනයකට නොවේද? ඇයගේ අවධානය එයට කොතරම් යොමුවී ඇතිද යත් ඇය එනතෙක් රෝස මලක් රැගෙන මගබලා සිටින ගැටවරයා පවා ඇයට නොපෙනෙන්නේය.
ස්මාර්ට්ෆෝන්වල ඇලී ගැලී, යන්නේ කොහේදවත් හරිහැටි නොබලා මහමග යන තරුණ ගැටිස්සියන් හා අවුරුදු 150කට පෙර ජීවත්වූ මේ ගැටිස්ස්ටියත් අතර වෙනසක් පෙනේද?
වසර 150කට පෙර ස්මාර්ට්ෆෝන් තිබුණාද? නැතිනම් ඇය කාළ තරණ සංචාරකයෙක්ද?
මේ තෙල් සිතුවම ඔස්ට්‍රියානු ජාතික ෆර්ඩිනැන්ඩ් වොල්ඩ්මුලර් විසින් අඳින ලද්දකි. වොල්ඩ්මුලර් මේ ඇඳ ඇත්තේ අනාගතයෙන් 1850ට කාළ තරණය කල තරුණියක් හා ඇය හා පෙමින් බැඳුනු තරුණයෙක්ද?
චිත්‍රය පිලිබඳව විචාරයක් සිදුකරන ඉතිහාසඥයින් පවසන්නේ ඇය අත ඇත්තේ දේව ගීතිකා පොතක් (hymn book) බවයි. ලංකාවේ කාන්තාවන් අත අතීතයේ රැඳුනු පිරිත් පොත නැතිනම් ගාථා පොත මෙන් එකල යුරෝපයේ මහමග තනිවම යන කාන්තාවන් මෙවැනි ගීතිකා පොත් පිංචක් රැගෙන එය කියවමින් යාම සිරිතක්වුනාලු.
මේ තරුණිය කවුරුන්දැයි සැබැවින්ම දන්නේ වොල්ඩ්මුලර් පමණකි. ඔහු 1865දී මියගියා
Comments
Post a Comment