HISTORY : ගීසාහි යෝධ පිරමීඩය තුල තවත් රහස් කුටියක් සොයාගැනේ??


ගීසාහි යෝධ පිරමීඩයේ අභ්‍යන්තර සැකැස්ම පිලිබඳව පර්යේෂණ සිදුකරන යුරෝපීය හා ජපන් විද්‍යාඥ කණ්ඩායමක් පිරමීඩය තුල තිබෙන මෙතෙක් නොදැන සිටි විශාල රහස් කුටියක් පිලිබඳව නිෂ්චිත තොරතුරු සොයාගෙන තිබෙනවා. රැජිණගේ කුටිය (queen's chamber), රජුගේ කුටිය (king's chamber) වෙත සම්බන්ධ කෙරෙන ප්‍රධාන ශාලාවට (grand gallery) ඉහලින් මෙම විශාල රහස් කුටිය පිහිටා ඇති බව හඳුනාගෙන තිබෙනවා.
ප්‍රධාන ශාලාවට ඉහලින්, එහි පරිමාණයන්ට සමානව, එනම් මීටර් 50ක් දිග, මීටර් 8ක් උස හා මීටරයක් පළලට මේ රහස් කුටියද සකසා තිබෙනවා. එය කුමක් සඳහා සකසා ඇතිදැයි විද්‍යාඥයින්ට තොරතුරක් ලබාගැනීමට හැකිවී නෑ. එමෙන්ම එයවෙත ලඟාවිය හැකි උමගක් හෝ මාර්ගයක් පිරමීඩය තුල ඇතිදැයි තවමත් නිෂ්චිතනෑ.

පිරමීඩයේ අලුත්ම රහස් කුටිය පිලිබඳව ලබාගත් දත්ත Virtual Reality තාක්ෂණය ආධාරයෙන් ත්‍රිමාණව රූ-ගන්වා පරික්ෂා කරන විද්‍යාඥයින්.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments