HUD නැතිනම් Heads Up Display තාක්ෂණය නූතන ප්‍රහාර ජෙට් නියමුවන්ට නැතුවම බැරි තාක්ෂණයක්. මෙහෙයුමක නිරතවන විට යානයේ පරිගණකවලින් ලැබෙන වැදගත් තොරතුරු, ඩෑෂ් බෝඩ් එක දෙස නොබලා කෙලින්ම වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පේන ආකාරයට දැක ගන්න පුලුවන් විධියට හදපු තාක්ෂණයක් තමයි හෙඩ්ස් අප් ඩිස්ප්ලේ තාක්ෂණය.
මේ තාක්ෂණය බයික් ලෝලීන් වෙත ගෙන එන්නට Nuviz නම් නවෝත්පාදන සමාගමක් සූදානම් වෙනවා. ෆුල්ෆේස් හෙල්මට් එකකට පිටතින් සවිකල හැකි විධියට නිර්මාණය කර ඇති මෙය මගින් බයික් එකේ ස්පීඩ් එක, ගියර්, වැනි වැදගත් තොරතුරු වගේම තොරතුරුත් හෙල්මට් එකේ වයිසර් එකේ පැත්තකින් පේන විධියටයි නිර්මාණය කරලා තියෙන්නේ.
ඒවගේම ස්මාර්ට්ෆෝන් එකක් හරහා දුරකථන ඇමතුම් ලබාගන්නත්, සිංදු අහන්නත්, ඒ තොරතුරුත් ඩිස්ප්ලේ එකෙන් පෙන්වන්නත් පුලුවන් කියලා නුවිස් සමාගම කියනවා. ඒවගේම මේ ඩිවයිස් එකට හයිකරලා තියෙන කැමරාවක් හෙල්මට් කැමරා එකක් විධියට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ෆොටෝ ගන්නත් පුලුවන්ලු.
Comments
Post a Comment