MILITARY AIRCRAFT : ඇමරිකන් F-35 සුපිරි ස්ටෙල්ත් යානයකට සතුරු අහසකදී රුසියන් Su-35 යානයක් හමුවුවහොත් ඇමරිකන් නියමුවා කුමක් කලයුතුද?

Sukhoi Su-35 / Flanker E : Russian Air Force





















මෑතකදී ස්කවුට්.කොම් වෙබ් අඩවිය අපූරු මනෝමය පරීක්ෂණයක් (thought experiment) කරලා තිබුණා. ඒ ඇමරිකාවේ සුපිරි F-35 ස්ටෙල්ත් යානයට රුසියානුවන්ගේ සුපිරි Su-35 ප්‍රහාරක යානයක් සතුරු අහසකදී මුණගැසුනහොත් කුමක් සිදුවේද යන්න පරීක්ෂාකර බැලීමයි. 

Lockheed Martin F-35 Joint Strike Fighter ඇමරිකානු ගුවන්, නාවික හා මැරීන් හමුදා සඳහා නිර්මාණය කොට ඇති සුපිරි ස්ටෙල්ත් හැකියාවෙන් ගෙන් යුතු යානයක්. 5 වැනි පරම්පරාවේ යානයක් ලෙස සැළකෙන මෙය, ඉතා මිළ අධික, එහෙත් සුවිශේෂී හැකියාවෙන් ගෙන් යුතු යානයක්. Mach 1.6+ (1,200 mph, 1,930 km/h) ක උපරිම වේගයක් ඇති F-35 යානය වේගය අතින් මන්දගාමී යානයක්. 

Sukhoi Su-35 (Flanker E) රුසියානු සුකොයි නිර්මාණ බියුරෝව විසින් නිර්මාණය කරන ලද, තනි නියමුවෙකු පියාසර කරවන සුපිරි ගුවන් සටන් හැකියාවෙන් ගෙන් යුතු අධිවේගී ප්‍රහාරක යානයක්. කෙසේ වෙතත් එය ස්ටෙල්ත් හැකියාවන් හෝ 5වැනි පරම්පරාවේ තාක්ෂණය නොමැති යානයක්.  මුහුදු මට්ටමේදී Mach 1.13 (1,400 km/h; 870 mph) වේගයකින්ද, ඉහල අහසේදී  Mach 2.25 (2,400 km/h; 1,490 mph අධික වේගයකින්ද පියාසරකල හැකි යානය, වේගය අතින් හා සුනම්‍ය ගුවන් කරණම් හැකියාවන් අතින් F-35 යානය අභිබවා යන්නක්.

ස්කවුට්.කොම් මනෝමය පරීක්ෂණයේදී උපකල්පණය කලේ F-35 යානා 4ක පියාසැරියකට ගුවන් සටන් කළාපයකදී Su-35 යානා 4ක් මුණගැසෙන අවස්ථාවකදී කුමක් සිදුවිය හැකි යන්නයි.ඔවුන්ගේ උපකල්පණයට අනුව F-35 යානා, Su-35 යානාවලට වඩා ප්‍රහාරක හා ගුවන් සටන් හැකියාවන් අඩු යානයක් නිසා හැකි සෑම අවස්ථාවකදීම ඇමරිකානු F-35 නියමුවන් සතුරු රුසියන් යානා මගහැරෙන ලෙස සිය ගමන් මග වෙනස් කොට, එම සතුරු යානාවල තොරතුරු ගුවන් සටන් හා ගුවනේ පරමාධිපත්‍යය රඳවාගැනීම සඳහාම නිර්මාණය කල F-22 යානා නියමුවන්ට හෝ F-15C ස්ට්‍රයික් ඊගල් ප්‍රහාරක නියමුවන්ට ලබාදී පලා යනු ඇති බවයි.

එහෙත් එවැනි හැකියාව නොමැති අවස්ථාවක රුසියානු යානා F-35 යානාවලට ගුවන් සටනක් දෙන්නට සූදානම් වන්නේනම්, F-35 යානා නියමුවන් ඉතා ප්‍රවේශමෙන්, සිහිබුද්ධියෙන් ක්‍රියාත්මක විය යුතු බව ඔවුන් පවසනවා. පියාසරකල හැකි උපරිම උස හා වේගය අඩුවීම, මන්දගාමී ගුවන් සරඹ හැකියාව, අවාසිදායක ප්‍රහාරක කෝණ (angles of attack) යනාදී සීමා නිසා F-35 ගුවන් නියමුවන්ට සටනේ වාසිය අහිමිවීමට ඉඩ තිබෙනවා.

එමෙන්ම F-35 යානයකට ගෙනයා හැකි ගුවන් යානා නාෂක මිසයිලද ප්‍රමාණයෙන් අඩුවන අතර, යානයේ මන්දගාමී වේගය නිසා එම මිසයිලවලට ගමන් කල හැකි දුරද අඩුවනවා. මේ අනුව සතුරු Su-35 යානා සමග පෙනෙන-මානයේ ගුවන් සටන් (visual range dog-fights) හැකිතාක් මගහැරීම F-35 යානාවලට සුදුසු බවයි ඔවුන් නිගමනය කරන්නේ.

Lockheed Martin F-35B : Royal Air Force



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments