MILITARY TECHNOLOGY : ජෙට් ෆයිටර් වලට ලේසර් තුවක්කුවක්!


2021 වනවිට ඇමරිකට් ජෙට් ප්‍රහාරක යානාවලට ප්‍රභල ලේසර් තුවක්කුවක් ලබාදීමට ඇමරිකාවේ ලොක් හීඩ් සමාගම සූදානම් වනවා. SHiELD ( Self-protect High Energy Laser Demonstrator) ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මේසඳහා ඩොලර් මිලියන 26ක මූල්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කොට තිබෙනවා. මෙම ලේසර් තුවක්කුව මගින් ගුවන් සටන්වලදී සතුරු යානා අබලන් කිරීමට හා මිසයිල බිම හෙලීමට හැකි බව ඇමරිකන් ගුවන් හමුදාව පවසනවා.

ගුවන්යානා වලට ලේසර් අවි ලබාදීමට මෙතෙක් පැවති ප්‍රධාන භාදකය වූයේ කුඩා එහෙත් බලසම්පන්න ලේසර් ජනකයක් නිපදවාගැනීම බවත්, මේ වනවිට එම තාක්ෂණික අභියෝගය ජයගෙන ඇති බවත් පැවසෙනවා.

මෙම ලේසර් අවිය සවිකරන්නේ කුමන ගුවන්යානා මාදිලියටද යන්න තවමත් රහසක් ලෙස තබාගෙන සිටිනවා. කෙසේ වෙතත් දැනටමත් ඇමරිකන් යුධ හමුදාවට ප්‍රභල ලේසර් ප්‍රහාරක අවියක් ලැබී තිබෙනවා. කිලෝවොට් 60ක ප්‍රභලත්වයක් ඇති මෙය Heavy Expanded Mobility Tactical Truck යුධ රථයට ලබාදී තිබෙනවා.

Heavy Expanded Mobility Tactical Truck යුධ රථය




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments