MOTORBIKES : Keanu Reeves හදන කස්ටම් බයික් එලිදකී


මේට්‍රික්ස් චිත්‍රපට මාළාවෙන් ජනාදරයට පත් නළු කියානු රීව්ස් කස්ටම් බයික් නිර්මාණයට අතගසා තිබෙනවා. ඔහුගේ සමාගමේ පලමු නිර්මාණ මේ දිනවල පැවැත්වෙන මිලාන් මෝටර් ප්‍රදර්ශණයට ඉදිරිපත් කොට තිබෙනවා.

Arch Motorcycle ලෙස හැඳිවෙන ඔහුගේ සමාගම ඉදිපත්කල KGRT-1 නම් කස්ටම් බයික් එක මිලාන් මෝටර් ප්‍රදර්ශණයේ මෝටර්සයිකල් ලෝලීන් අමන්දානන්දයට පත් කල බවයි ඉතාලියෙන් වාර්තා වන්නේ.

2,032cc එන්ජිමකින් අශ්වබල 122ක ජවයක් නිපදවන මෙම බයික් කෲසර් මාදිලියට අයත්වනවා. රෝද කාබන් ෆයිබර් වලින් නිමවා ඇති අතර twin ISR 6-piston monobloc radial මාදිලේ ප්‍රභල බ්‍රේක් පද්ධතියක්ද ලබාදී තිබෙනවා.

කියානුට මෝටර් බයික් නිෂ්පාදනයට අත ගසන්නට සිතී ඇත්තේ ගාර්ඩ් හොලින්ජර් නම් බයික් නිර්මාණකරුවා ඔහුට තනාදුන් කස්ටම් බයික් එක පැදීමෙන්. දෙදෙනා අතර ඇතිවූ එකඟතාවයෙන් ආර්ච් කස්ටම් බයික් සමාගම බිහිවී තිබෙනවා. ඩොලර් 78,000ක අතිවිශාල මිලකට අලෙවිවන මේ බයික් මාදිලියේ 23ක් පමණක් සෑදීමටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ.








__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments