MARITIME DEFENCE : එලිසබෙත් රැජින අතින් සේවා වරම් ලැබූ HMS Queen Elizabeth


පසුගිය දෙසැම්බර් 7 වැනිදා, ස්ටර්ලින් පවුම් බිලියන 3.1ක (රු.බිලියන 344) වියදමින් ගොඩනගන ලද නූතන බ්‍රිතාන්‍යයේ දැවැන්තම යුධ නෞකාව වන HMS ක්වීන් එලිසබෙත් ගුවන්යානා ගෙනයන නෞකාව එක්සත් රාජධානියේ මහ රැජිනිය වන එලිසබත් රැජින විසින් යුධ සේවයට එක් කලා. එලිසබෙත් කුමරිය, සිය පලමු යුධ නෞකා සේවාගත කිරීම සිදුකලේ දෙවන ලෝක යුධ සමයේදී දැවැන්ත යුධ නෞකාවක් වන HMS වැන්ගාර්ඩ් නෞකාව සේවාගත කිරීමෙනි. එවිට ඇය 18වැනි වියේ යව්වනියක් වූවාය.

දෙවන ලෝක යුද්ධයේ සටන්වැදීම සඳහා 1944දී, එකල බ්‍රිතාන්‍යයේ ලොකුම යුධ නෞකාව වන HMS වැන්ගාර්ඩ් නෞකාව 18 හැවිරිදි එලිසබෙත් කුමරිය විසින් සේවාගත කරන අවස්ථාව.

HMS Queen Elizabeth නෞකාව, ක්වීන් එලිසබෙත් කාණ්ඩයේ (Queen Elizabeth-class) සුපිරි ගුවන්යානා ගෙනයන නෞකා සමූහයේ පලමු නෞකාවයි. නවීන ප්‍රහාරක යානා 40ක් ගෙනයා හැකි මෙම නෞකාව රාජකීය නාවික හමුදා ඉතිහාසයේ සේවයට එක් කරගත් විශාලම නෞකාවයි. 


පැයට කිලෝමීටර් 54ක උපරිම වේගයකින් යාත්‍රාකල හැකි මෙයට කිලෝමීටර් 19000ක් ගමන්කල හැකිය. නාවිකයන් 1600ක් රැගෙන යාත්‍රාකරන මෙය ටොන් 70,000ක් බරැතිය.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments